බීමත් රියැදුරන් හඳුනාගැනීමට භාවිත කරන උපකරණ (බැලුන්) මේ වන විට මෙරටට ගෙන්වා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.Sri Lanka Latest News
රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ එම ඇල්කෝවයිසර් උපකරණ අද (23) දිනයේ සිට දිවයිනේ පොලිස් ස්ථාන වෙත යැවීමට කටයුතු කරන බවයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු මෙරටට ගෙන්වා ඇති ඇල්කොලයිසර් 80,000කට ආසන්න ප්‍රමාණය දිවයිනේ පොලිස් ස්ථානවලට බෙදා හැරීමට නියමිතව ඇතැයි රථවාහන මූලස්ථානය සඳහන් කරනවා.
මෙම උපකරණ මෙරටට ගෙන්වීමෙන් පසු රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමෙන් අනතුරුව මේවා බෙදා හැරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බව ද පොලිස් මුලස්ථානය සඳහන් කළා.
ඒ අනුව එම ක්‍රියාවලිය මේ වන විට අවසන්ව ඇතැයි ද වාර්තා වෙයි.










