• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති හදිසියේම ලංකාවට ආවේ ආණ්ඩුව වෙනස් කරන්නද? වැඩ නොකරන දේශපාලඥයන් නිලධාරීන් ඉවතට! අලුත් ගමනක් සූදානම්! (VIDEO)

December 15, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී! කිරි ආහාරත් පුදයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘2022 වසර නව මුහුණුවරකින් ආරම්භයත් සමග හුඟක් වෙනස්කම් කරාවි. ජනාධිපතිතුමා වැඩ නොකරන නිලධාරීන්ව, දේශපාලනඥයින් ගැන තීන්දු තීරණ ගනීවි. එහෙම අරගෙන අලූත් ගමනක් ආරම්භ කරාවි කියා මා විශ්වාස කරනවා. හැබැයි ඒ අලූත් ගමන යන්නේ අලූත් දිශානතියකට, අපි යන තැන කියලා තිබෙන්නේ. එය වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරියටත් එසේමයි. ඒක කි‍්‍රයාවට නංවන පිරිස, වැඩ නොකරන අය වෙනස් වේවි’ යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දීප ව්‍යාප්තව සිදු කරන ‘දැයක් නගන – සියක් නගර’ සංවර්ධන වැඩසටහන යටතේ වැඩ නිමකළ මහගම සේකර උද්‍යානය ආශ‍්‍රිත රදාවන තුං මං හන්දිය නගර සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

‘අද අපි ආරම්භ කරන්නේ නගර සංවර්ධන වැඩපිළිවෙල. එදා අපි මහගම සේකර උද්‍යාන විවෘත කරපු අවස්ථාවේදී මම කිව්වා ලංකාවේ හිටපු ඒ ශ්‍රේෂ්ඨතම කලාකරුවාට උපහාර දක්වනවා වගේම ජනතාවටත් ප‍්‍රතිලාභ තිබෙන්නට ඕනේ කියලා. ඊ ළඟට මම කිව්වා මේ නගරය සංවර්ධනය කිරීමේ කටයුත්තට අතගහන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි සංතෝෂ වෙනවා සියක් නගර වැඩසටහන යටතේ අද මේ වැඩසටහන ආරම්භ කරන්නට අවස්ථාව ලැබීම ගැන. මේ නගර සංවර්ධන ව්‍යාපෘතිය අවසන් වන විට ඒ පාසලට එන මව්පියන්ට ළමයින් එනතුරු නතරවෙලා ඉන්න පහසුකම් ඇතුළු විශාල පහසුකම් රාශියක් වගේම ආර්ථික අවස්ථාවයන්, ව්‍යාපාර කරන්න අවස්ථාවන් රාශියක් මෙම් හරහා බිහි වෙනවා. ඊට අමතරව අපි මේ සියක් නගර කියලා තෝරාගන්න සෑම නගරයකම සංවර්ධන කටයුතු එක වසරකට සීමා කරන්නේ නැහැ. අපි දිගටම ඒ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තුංමං හන්දියේදි හුඟක් වෙනස් තැනක් බවට පත්වේවි මේ කරන කටයුතු නිසා.

මම උදේ ඇවිදින ගමන් කල්පනා කළා මේ රටේ තිබෙන අර්බුදය හේතුව මොකද්ද එයට තිබෙන විසඳුම මොකද්ද කියලා. මොකද අපි දන්නවා මේ වෙලාවේ අපේ රටේ යම්කිසි ගැටළු වගයක් තිබෙනවා. මිනිස්සුන්ට හුඟක් ආර්ථික අහේනියත් සමග දුෂ්කරතාවයන් තිබෙනවා. නැහැ කියලා කිව්වොත් ඒක යාතාර්ථයක් නෙමෙයි. හැබැයි ප‍්‍රශ්න ගැන කතා කරන කොට මගේ සමහර කාලවල ආර්ථික ප‍්‍රශ්න, ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න, පහසුකම් පිළිබඳ ප‍්‍රශ්න, ස්වභාවික ගැටළු, ත‍්‍රස්තවාදය හැමදාම ප‍්‍රශ්න තිබූණු රටක්. ඉතින් මම කල්පනා කළා 1948 නිදහස ලබලා අවුරුදු 73 ක් ගත වෙච්ච මොහොතෙත් තවමත් ඇයි අපි මේ අරගල කරන දුෂ්කරතා මැද්දේ කල්ගෙවන රටක් වෙලා තියෙන කාරණ කල්පනා කරන කොට මට ඔලූවට ආපු එක් ප‍්‍රධාන හේතුවක් තමයි අපේ රටේ සංස්කෘතිය. අපේ රටේ ඉන්නේ වැඩි දෙනෙක් අනුන්ට උපදෙස් දෙන්න දක්ෂ කට්ටිය. අනුන්ව විවේචනය කරන්න දක්ෂ කට්ටිය. හැබැයි වැඩ කරන්න දක්ෂ කට්ටිය නෙමෙයි.

තමුන්නාන්සේලා බලන්න උදේ පත්තර කියවීමේ වැඩසටහනෙන් පටන් ගත්තහම හවස ප‍්‍රවෘත්ති ඉවර වෙනකම්ම හැමෝම රට යන විදිහ ගැන විවේචනය කරනවා. පත්තරවල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ දැන් අලූත්ම දේ සමාජ ජාල මධ්‍ය තුළත් උදේ සිට රෑ වෙනකම් විවේචනය සහ අනෙක් අය වැඩකරණ විදිහ ගැන උපදෙස් දීම තමයි තියෙන්නේ. මම මේ කතා කරන කතාව කවුරු හරි කපලා ෆේස් බුක් දැම්මොත් ඒක යටින් කමෙන්ට්ස් වැඩි හරියක් ඇත්තේ මට බැණලා එහෙම නැත්නම් මට උපදෙස් දීලා. හැබැයි ඒ උපදෙස් දෙන අය ගිහින් බලන්න ඒ අය කරන්නේ මොකද්ද කියලා. ඒ අය රැුකියා කරන තැන සාර්ථක අයද? එහෙම නැත්නම් රටට වැඩක් කරලා තියෙන මිනිස්සුද මෙලෝ දෙයක් කරලා නැහැ. උපදෙස් දීම පමණයි. අපේ රටට වෙලා තිබෙන ප‍්‍රශ්නේ මේක තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කතා කරනවා මිස වැඩ කරන්නේ නැහැ. ඒ ප‍්‍රශ්නය අපට වර්තමාන ආණ්ඩුව තුළත් තිබෙනවා. මීට කලින් තිබූ ආණ්ඩුතුළත් තිබුණා. ඇත්ත වශයෙන්ම ආණ්ඩු පෙරළුනා මේ රටේ. විවිධ ආණ්ඩු විවිධ ප‍්‍රතිපත්ති ගෙනාවා. අපි හරියට අධ්‍යනය කරලා බැලූවොත් පක්ෂ විපක්ෂ හැම ආණ්ඩුවේම යම්තාක් දුරකට හෝ හොඳ ප‍්‍රතිපත්ති තිබුණා. කිසිම ආණ්ඩුවක් නරකක් කරන්න බලාගෙන බලයට එන්නේ නැහැනේ. හැම ආණ්ඩුවක්ම බලයට එන්නේ මොකක් හරි යහපතක් රටට කරන්න හිතාගෙන. හැබැයි ක‍්‍රියාවට නංවන්න ගියහම තමයි ප‍්‍රශ්න එන්නේ. මොකද කි‍්‍රයාවට නංවන්න තෝරාගන්න කණ්ඩායම ඒක කරනවාද කියන ගැටළුව තමයි අපට එන්නේ. අපේ ජනාධිපතිතුමාටත් අද තිබෙන ගැටළුව ඒකයි කියලා මම හිතනවා.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය කාලේ බොහොම මහන්සි වෙලා මේ රටේ බොහෝ දෙනෙක් සමග සාකච්ඡා කරලා එතුමාට උපදෙස් දෙන අපේ අග‍්‍රාමාත්‍යතුමත්, ඒ වගේම අපේ දේශපාලන අධිකාරියත් සමග සාකච්ඡා කරලා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කළා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අවසාන කෙටුම්පත් කරපු කණ්ඩායමේ මමත් ප‍්‍රධාන වගකීමක් ඉටු කළා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මේ රටේ සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු සපයන දීර්ඝ කාලීනව රට නංවන හොඳ වැඩපිළිවෙලක්. හැබැයි ඒක කි‍්‍රයාත්මක කරන්න ගියහම, එය කි‍්‍රයාත්මක කරන්නේ සෞභාග්‍යයේ දැක්ම හරියට කියවපු අයද? ඒක හරියට තේරුම්ගත්ත අයද? සෞභාග්‍යයේ දැක්ම විශ්වාස කරන අයද කියන ගැටළුව මට තිබෙනවා. ඒක තමයි අද අපේ රටේ තිබෙන ප‍්‍රශ්නය. ජනාධිපතිතුමා පිටරට යන්න පෙර මා සමග කතා කළා. එතුමාගේ දැක්ම වෙනස් වෙලා නැහැ. එදා කියපු දේවල්ම තමයි අදත් කියන්නේ. එතුමා කියන්නේ අධ්‍යාපනය, කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රය, අපනයන ක්‍ෂෙත‍්‍රයන් නංවන්න ඕනේ. මේ රටට තාක්ෂණය ගේන්න ඕනේ, මේ රටේ පුනර්ජීවන බලශක්ති ක්‍ෂෙත‍්‍රය නංවන්න ඕනේ කියන සංකල්පවල කිසිම වෙනසක් වෙලා නැහැ. හැබැයි කි‍්‍රයාවට නංවන්න ගියහම එය භාරදුන්න අය, භාරගත්ත අය ඒ වගකීම හරියට ඉටු කරනවාද කියන කාරණය ගැන ගැටළු තිබෙනවා.

මම පුද්ගලිකව සතුටු වෙනවා මට භාර දුන්න නම් ආර්ථිකය සම්බන්ධ වගකීමක්. මොකද මම ආර්ථිකය සම්බන්ධ විශේෂඥයෙක්. මගේ ආචාර්ය උපාධිය තියෙන්නේ ආර්ථිකය සම්බන්ධව. විපක්ෂයේ සිටින කාලයේ විශේෂයෙන්ම ආර්ථිකය ගැන සැලසුම් හදපු කෙනෙක් තමයි මම. නමුත් කුමක් හෝ හේතුවක් නිසා මට ආර්ථිකය සම්බන්ධ වගකීමක් නොලැබුණ නිසා ඒ සම්බන්ධයෙන් වැඩි යමක් කරන්න ලැබුනේ නැහැ පසුගිය වසර දෙකේ. මට භාර දුන්නේ මහින්ද රජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් නාගරික සංවර්ධනය. එම ක්‍ෂෙත‍්‍රය මම පහුගිය කාලේ කතාකරපු ක්‍ෂෙත‍්‍රයක් නෙමෙයි. මම කතා කළේ ආර්ථිකය ගැන. හැබැයි භාර දුන්නට පස්සෙ මම මේ අවුරුදු එකහමාර තුළ මගේ වගකීම උපරිම මට්ටමින් ඉටු කළා. මම හිතනවා අනෙක් අයත් මම කරපු විදිහට තම තමන්ගේ වගකීම ඉටු කළා නම් ඒ ටික එකතු වෙලා සෑහෙන වැඩක් මේ රටට කෙරෙන්න තිබුණා කියලා.

සමහර වෙලාවට මේ රජයේ ඉහළම තනතුරු දරපු නිලධාරීන්, අවුරුදු ගාණක් තිස්සේ වැඩකරලා තිබිච්ච අය මේ රජයෙත් ඉහළ තනතුරුවලට ආවා. අපිත් කළබල උනා ඇයි මේ අයව මේ තනතුරුවලට දාන්නේ කියලා අපිත් පුද්ගලිකව ප‍්‍රශ්න කළා. ඒ සමහර වැරදි තීන්දුවලට අඩුපාඩු අද අපට පේනවා විශේෂයෙන්ම ආර්ථිකය දිහා බැලූවහම. අපි විශ්වාස කරනවා ඒ තැන් වෙනස් වෙලා ඒවට සුදුසු කර්යක්ෂම පුද්ගලයෝ දාලා මේ යන ගමන අපි ඉදිරියට යාවි කියලා යැයි පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක මහතා, දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති නීතීඥ පියසේන කාරියප්පෙරුම මහතා ඇතුළු මන්ත‍්‍රී මණ්ඩලය, දොම්පේ ප‍්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, මහගම සේකර විද්‍යාලයේ විදුහල්පති මේජර් සනත් මුදුන්කොටුව මහතා ඇතුළු ප‍්‍රදේශවාසීන් සහ සියනෑ කතිකා කි‍්‍රයාකාරීන් රැසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

නාරදගෙ නිල් හීනේ මල් පිපෙයි!

Next Post

ලැබෙන්නෙම වියපත් චරිත… සමහර වෙලාවට මට දෙන්න උත්තරත් නෑ…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.