• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, March 26, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රනිල් ඩීන් ඩියම් ගැන කීවේ ඇමෙරිකාවට අනතුරු අඟවන්නද?

December 7, 2022
in Exclusive, Politics
Reading Time: 2 mins read
A A
රනිල් ඩීන් ඩියම් ගැන කීවේ ඇමෙරිකාවට අනතුරු අඟවන්නද?
896
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ ඇමැති අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හමුවී තිබේ. අලි සබි්‍රගේ හමුවීම ගැන ජූලි චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේ අලි සබි්‍රගේ ඇමෙරිකානු සංචාරයේදී ලංකාවේ මානව හිමිකම් ගැන සාකච්ඡා කිරීමට නියමිත බවය. අලි සබි්‍ර ඇමෙරිකාවේ සංචාරය කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කළේය.

එම කතාවේදී ඔහු වියට්නාමයේ හිටපු ජනාධිපති ඩීන් ඩියම් ගැන කියන්න පෙර මහින්ද රාජපක්ෂ අයවැය විවාදයට එක්වෙමින් කීවේ ගෝඨාභයගේ ආණ්ඩුව පෙරලුවේ විදේශ බලවේග විසින් කියාය. මහින්දගේ එම කතාවට පසු රනිල් වියට්නාමයේ ඩීන් ඩියම්ලා වගේ රූකඩ පාලකයන්ට ලංකාව තුළ බිහිවෙන්න ඉඩ තියන්නේ නැතැයි කීවේය. ඔහු එම කතාව කර සිය පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණි විට ඇමැතිවරු ඩීන් ඩියම් කියන්නේ කවුදැයි ඔහුගෙන් අහපු බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. එවිට ඔහු කියා ඇත්තේ ඩීන් ඩියම් වියට්නාමයේ හිටපු ඇමෙරිකානු රූකඩ පාලකයෙක් බවත්, ඔහු විට්නාමයේ කාඩිනල්වරයා සමග එක්වී සිංහල බෞද්ධයන් ඝාතනය කළ බවත්ය. ඩීන් ඩියම් ගැන ඔහු පාර්ලිමේන්ුවේදී කතා කළේ ඇයිද යන්න ඔහුගේ මේ පැහැදිලි කිරීමෙන් පෙනේ. එයින් පේන්නේ ලංකාවේ අරගලය කළේ ඇමෙරිකාව බවත්, එයට කාදිනල් හිමි උදව් කළ බවත් ඇමෙරිකාවට රූකඩ පාලකයෙක් පත්කරගන්න වුවමනාව තිබුණාය යන්න ඔහුගේ මතයයි. යළිත් අරගලයක් කර ඇමෙරිකානු රූකඩ පාලකයෙක් පත්කර ගන්න ඔහු ඉඩ නොදෙන බවට තර්ජනය කිරීමට ඔහු සිය පාර්ලිමේන්තු කතාව ප්‍රයෝජනයට ගෙන ඇත.

ඩීන් ඩියම් දකුණු වියට්නාමයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහු කතෝලික පවුලක උපත ලද අයෙකි. ඔහුගේ සහෝදරයා කතෝලික පූජකවරයෙක් විය. ඩීන් ඩියම් ද කතෝලික පූජකවරයෙක් වීමට සූදානම්ව සිටියත් පසුව එම අදහස ඔහු අතහැර දකුණු වියට්නාමයේ සිවිල් සේවයට බැඳී ඇත. ඔහු වියට්නාමයේ කොමියුනිස්ට්වාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි ජාතිකවාදී බලවේග එකතු කරගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කර ඇත. එකල පැවැති වියට්නාම අධිරාජ්‍යයාගේ පාලනයට ඔහු තර්ජනයක් වූ නිසා ඔහු ජීවිත තර්ජනවලට බයේ විදේශගතව ඇත. පසුව වියට්නාමයට පැමිණ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහායෙන් ඔහු වියට්නාමයේ අගමැති වී පසුව ජනාධිපති වී ඇත. ඔහුට අගමැති සහ ජනාධිපති වීමට ඔහුගේ සහෝදර කාදිනල් උදව් කර ඇත. පසුව මිලිටරි කුමන්ත්‍රණයකින් ඔහු ඝාතනය වී ඇත.

මේ ඩීන් ඩියම් ගැන කියන්න රනිල්ට ඕනෑ වී ඇත්තේ ඇමෙරිකාවටත් කාදිනල් හිමිටත් අනතුරු ඇඟවීමක් කරන්නය. අලි සබි්‍ර ඇමෙරිකාවට යන්නේ මේ කතාවෙන් පසුවය. ඔහුට ඇමෙරිකාවේදී ඩීන් ඩියම් ගැන හොඳ පාඩමක් ඇමෙරිකාව උගන්වනු ඇතිද කියන්න දන්නේ නැත.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Share358Tweet224SendShare90
Previous Post

මිනිස්සු රැකගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන හැටි මෙන්න…

Next Post

රටින් පිටවන ප්‍රමාණය වෙනදාට වඩා වැඩිවෙයි! ගිය මාස 10ට ලක්ෂ දෙකහමාරක් පිටරට රස්සාවලට ගිහින්!

MORE NEWS

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!
Exclusive

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)
Exclusive

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Exclusive

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023
රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස්පතිට සේවා දිගුවේ ලියුම ලැබෙන්නේ හෙට! එතකොට හැමෝටම බලාගන්න පුලුවන් ඒ කාලය තව මාසයක්ද මාස 3ක්ද අවුරුද්දක්ද කියලා!

March 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023

කොහොම වෙතත් ඡන්දයක් ළඟම එනවා කියන එක අපි දන්නවා. එහෙම කිව්වේ මේ වෙලාවේ ඡන්දයකට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය වෙමින් තියෙන...

Read more
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version