ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීන්දු කලේ ය.Sri Lanka Latest News
ඒ අනුව, එතෙක් දැරූ මන්ත්‍රී ආසනයද ඇයට අහිමි විය.
දැන් ගැටළුව වී ඇත්තේ, 2014 වසරේ දී සංචාරක වීසා බලපත්‍රයකින් රට තුළට පැමිණි ඩයනා ගමගේ මේ සා දීර්ඝ කාලයක් රට තුළ රැදී සිටියේ කෙසේ ද යන්නයි.
ඒ සම්බන්ධයෙන් ආගමන විගමන නිළධාරීන් නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සූදානමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.
ඩයනා ගමගේ ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රට තුළ රැදී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට වාර්තා කර තිබුණි.










