• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…

November 16, 2022
in Exclusive, Sports
Reading Time: 2 mins read
A A
සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සංචාරය නිමා කරන්නේ ජයග්‍රාහකයන් විදියට නෙවෙයි. හැබැයි හිතුව තරම් නරක නැති සංචාරයක් විදියට මේ සංචාරය නිමා කරන්න අපේ ක්‍රීඩකයන්ට පුළුවන් වෙනවා. එතකොට මේ සංචාරය නිමා වුණාට පස්සේ අපට මොනවද හම්බවුණේ? ඒ ගැන අපි සමාලෝචනයක් කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි ඒක අපේ වගකීමක් විදියට හිතන දෙයක්. ක්‍රිකට් තරගාවලියකින් පස්සේ ඕනෑම කණ්ඩායමක් ඒ තරගාවලියේ ලබාගත් ජයග්‍රහණ සහ ඒ තරගාවලියට අදාළව සිදුවූ සිදුවීම් ගැන යම් සමාලෝචනයක යෙදෙනවා. දැන් අපි සූදානම් වෙන්නෙත් ඒ විදියේ සමාලෝචනයක යෙදෙන්නයි. ඒත් මේ සමාලෝචනය ඒ තරම්ම ලස්සන එකක් නොවේවි කියලයි අපිට නම් හිතෙන්නේ.

සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට පිටත් වෙන්න විනාඩි කිහිපයකට කලින් ජාතික කණ්ඩායම නියෝජනය කරපු ධනුෂ්ක ගුණතිලකව ඔස්ටේ්‍රලියා පොලීසිය විසින් ඔවුන් ලැගුම් ගෙන හිටිය හෝටලයට ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඔහුව අත්අඩංගුවට ගන්නේ ඔහු විසින් දූෂණය කළ බවට එක්තරා කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට අනුව. මේ පැමිණිල්ලෙදී ඇය කියලා තිබුණේ ඩේටින් ඇප් එකක් හරහා ඔවුන් හඳුනාගත් බව. මේ හඳුනාගැනීමෙන් පසුව තමාගේ එපාර්ට්මන්ට් එකට ධනුෂ්ක පැමිණි බව. එසේ පැමිණ තමන්ව බරලහත්කාරයෙන් ලිංගික චර්යාවකට යොමු කළ බව. මේ ගැන විවිධ තර්ක විතර්ක කියැවෙනවා. මේ තරුණිය සැලසුම්සහගතව ධනුෂ්කව මේ සඳහා යොමු කළ බව, ධනුෂ්කව බලහත්කාරයෙන් මේකට අල්ලා ගත්ත බව බොහෝ දෙනෙක් කියනවා. හැබැයි ධනුෂ්ක කියලා කියන්නේ මීට කලිනුත් මේ විදියේ ප්‍රශ්න රාශියකට පැටලුණු කෙනෙක්. ඒක නිසා ධනුෂ්කව මේ වතාවේ මෙහෙම දේකට පටලා ගත්තා කිව්වට ඔහුගේ කැරැට්ටුවේ ප්‍රශ්නයක් ගැන මීට කලිනුත් අපි දැකලා තිබුණා. ධනුෂ්ක ලංකාවෙදී මේ වගේ තරුණියකට අතවර කරන්න යෑම, තවත් වරක ධනුෂ්ක සමාජ ශාලාවකදී සිදුකළ පහරදීම, ඒ වගේම කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සමග හෝටල් කාමරයෙන් පිටතට ගොස් අවිනීත ලෙස හැසිරීම කියන මේ කාරණා සියල්ලේදීම ධනුෂ්ක වැරැදිකරුවකු බව පෙනෙන්නට තිබුණු දෙයක්. මෙවර ධනුෂ්කර වැරැදිකරුද, නිවැරැදිකරුද කියන එක තවම නිශ්චය කරගන්න බැරි වුණාට, අපට අනුව නම් ධනුෂ්ක වැරැදිකරු තමයි. ඒකට හේතුව ධනුෂ්ක අදාළ කාන්තාව දූෂණය කළාද, බලහත්කාරකම් කළාද කියන එක නෙවෙයි. කාන්තාවක් සමග ලිංගිකව එකතු වෙද්දී, පිරිමියකුට ඒ කාන්තාව බරපතළ ලෙස විරෝධය පළ කරනවා නම්, ඔහු කොච්චර ශක්තිමත් වුණත් ඈ අකැමැති නම් ඒ කටයුත්ත සිද්ධ කරන්න බැරි බව අපි විශ්වාස කරනවා. එහෙම නම් ඇයි ධනුෂ්ක වැරැදි? කොහොමද ධනුෂ්ක ඔස්ටේ්‍රලියාවේදී ඩේටින් ඇප් එකකින් කාන්තාවක් ඇසුරු කරන්න ගත්තේ? ක්‍රිකට් ගහන්න ගිය ධනුෂ්ක ඇයි ඩේටින් ඇප්වලින් ඒ රටේ ඉන්න ගෑනු හොයන්න පටන් අරගත්තේ? ඒ වගේම ධනුෂ්ක මේක පුරුද්දක් විදියට යන යන රටවලදී කාන්තාවන්ව ඩේටින් ඇප් හරහා ඇසුරු කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද? මේ වගේ දේවල් ගැන හොයන්න අවශ්‍යයි. මොකද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කියන්නේ රටක් නියෝජනය කරමින් ලෝකයට යන කණ්ඩායමක්. ඔවුන් ලෝක කුසලානයට ගියේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පපුවේ ගහගෙන. ඒ නිසා මාවත් ඔහු නියෝජනය කරනවා. කියවන ඔබවත් ඔහු නියෝජනය කරනවා. මේ රට එදා සිට මේ දක්වා ඉපදුණු, මියැදුණු සියලු දෙනා ඔවුන් නියෝජනය කරනවා. එහෙම නියෝජනය කරමින් ගියපු ක්‍රීඩකයෙක් හැසිරෙන්න අවශ්‍ය නීතිරීති පද්ධතියක් තියෙනවා නම් ඔහුට පුද්ගලිකව ඕනෑ එපාකම් පිරිමහගන්න යන්න එන්න බෑ කියලයි අපේ විශ්වාසය. ඔවුන් ජාතික කණ්ඩායමක් විදියට රටෙන් පෝෂණය වෙන කණ්ඩායමක්. ඔවුන්ට ජාතික කණ්ඩායමක් විදියට වැටුප් ගෙවනවා. එය විශාල වැටුපක්. ඒ නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට විනයක් අවශ්‍යයි. ඒ විනයට පිටස්තරව ලෝක කුසලාන තරගාවලියකදී මේ විදියට හැසිරෙනවා නම් ඔවුන්ට ක්‍රිකට් ගැන අවබෝධයක් හෝ අවධානයක් තියාගන්න බැරි බව ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණයක්.

ඒත් ධනුෂ්ක විතරද මෙහෙම කළේ? නෑ. මේ කතන්දරේ නිසා ධනුෂ්කගේ කතන්දරේ එළියට ආවට පහුගිය දවස්වල විවිධ තැන්වලදී විවිධ කතන්දර එළියට එන්න පටන් ගත්තා. ඉන් එකක් තමයි චාමික කරුණාරත්න සමාජ ශාලාවකදී ඇතිකරගත් බව කියන ගැටුම. මේ ගැටුමෙන් පස්සේ දසුන් ශානකට සහ භානුක රාජපක්ෂට ගිහිල්ලා මේ ගැටුම සමථයකට පත්කරන්න හෝ වෙනත් කටයුත්තකට මැදිහත් වෙලා ඔහුව බේරාගන්න සිදුවූ බව සමහර වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා. සිද්ධියේ ඇත්ත නැත්ත කොහොම වුණත් එහෙම දෙයක් සිද්ධ වෙලා නම් චාමිකත්, ඇත්තමට වැරැදියි. ඔහු කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ක්‍රීඩකයෙකුගේ දක්ෂතාව හා සමානවම 50ට 50ක් විනය අවශ්‍යයි. විනය රහිත නම් ඔවුන්ට ක්‍රිකට් විතරක් නෙවෙයි අහිමි වෙන්නේ. තමන්වත් අහිමි වෙනවා.

මේ විදියේ තවත් එක සිදුවීමක් වාර්තා වෙනවා. ඒ තමයි අයර්ලන්ත – ශ්‍රී ලංකා තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම බස් රථයට නගිද්දී විනාඩි 10කට කලින් තමයි භානුක රාජපක්ෂ හෝටලයට ආවේ කියලා කතාවක් කියැවෙනවා. ඒකත් සමහර වෙබ් අඩවි වාර්තා කරලා තිබුණු ප්‍රවෘත්තියක්. භානුක රාජපක්ෂ කියලා කියන්නේ යම් කිසි විනයගරුක ක්‍රීඩකයෙක් කියලා හිතාගෙන හිටපු, ලෝකයක් ආදරය කරපු ක්‍රීඩකයෙක්. ඇත්තටම භානුකගේ හැසිරීමත් ඒ වගේ නම් ඒක විශාල ප්‍රශ්නයක්. වනිඳු හසරංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. ඔහුට ජාත්‍යන්තර ක්‍රීඩා පිටිවල පවා ඉඩ ලැබුණා. ජාත්‍යන්තර තරගවලදී විශේෂයෙන්ම අයි.පී.එල්. තරගවලදී පවා වනිඳු නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්වෙලා තියෙනවා. ඒත් බීමතින් හැසිරුණු බවට යම් චෝදනාවක් ඔහුටත් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් කළමනාකරු පවා පාටිවලට යමින් එමින් විනෝද වෙමින් ජොලි කරමින් මේ ලෝක කුසලාන තරග සමය ගත කළ බව තමයි කියැවෙන්නේ. එහෙම නම් ලෝක කුසලාන තරග සමය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ට ෆුල් සැපක් ගන්න ගිය ටි්‍රප් එකක් වුණාට, ඒක ඇත්තටම එහෙම එකක් නෙවෙයි කියලයි අපි නම් හිතන්නේ. ඒක නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යම් විනයගරුක සීමාවක ඉඳලා ක්‍රිකට් ගහනවද නැද්ද කියන එක ගැන දැන් දෙපාරක් තුන් පාරක් හිතන්න වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකවරයෙක් විදියට ඉන්න පළපුරුදු ක්‍රීඩක මහේල ජයවර්ධන යම් කිසි හෝටලයක් විවෘත කරන්න මේ තරග සංචාරය අතරතුරේ ගිය බවත් එක්තරා තැනක දෙකක ප්‍රවෘත්තියක් කියවුණා. ඇත්තටම ක්‍රිකට් හදන්න ඉන්න අය, ක්‍රිකට්වලට අවංකවම ආදරය කරන බවට විශ්වාස කරන අය ක්‍රිකට්වලින් වීරයෝ බවට පත්වුණු අයත් හැසිරෙන්නේ ඒ වගේ නම් අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලයි. හැබැයි තව එක්ක තියෙනවා කියන්න. ඒ මොකක්ද දන්නවද? අපට තියෙන්නේ ක්‍රිකට් විතරයි. මිනිස්සු සතුටු වෙන්න බලාගෙන ක්‍රිකට්වලින්. අහිංසක මිනිස්සු කොච්චර ක්‍රිකට්වලට ආදරේද කියන එක අපි දන්නවා. ඒ නිසා මේ ආදණීය සැමරුම විනාශ කරලා තම තමන්ගේ ආතල්වලට, අපි ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩාව කැප කරලා විනාශ කරන්න එපා කියලා අපි බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.



ජීවන පහන් තිළිණ

Share357Tweet223SendShare89
Previous Post

දරුවන්ට අපලයි අපි කිව්වා! මේ දරුවෙක් ජීවිතයෙන් සමුගත්ත හැටි!

Next Post

මේ තවත් දරුවෙක්ට අද වෙච්ච තවත් අපලයක්! කුඹුරෙන් යද්දි ලියැද්දකට වැටිලා මැරිලා!

MORE NEWS

හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Exclusive

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023
IMF ප්‍රධානියා හදිසියේම ඉන්දියාවට එයි! ලංකාව ගැන කතා කරන්න නිලධාරීන් ඉන්දියාවට කැඳවයි!
Exclusive

‌ඩොලර් බිලියන 7ක් ගන්න IMF අනුමැතිය ලැබුණා -ජනාධිපති මාධ්‍ය අංශය! අද රනිල් ජාතිය අමතයි! ඩොලර් බිලියන 3ක් දෙනවා! IMF එකෙන් නිවේදනයක්!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...

Read more
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version