දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ (09) දින මරණ 67ක් සෞඛ්‍ය අධ්යක්ෂවරයා විසින් තහවුරු කර ඇත.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ වාර්තා වූ මරණ 67න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 43 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර තරුණයන් කිහිප දෙනකුද සිටින බව වාර්තා වේ.










