ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන දමිත ගුණරත්න මහතා හදිසියේම අභාවප්‍රාප්ත විය.
‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් කලක් සේවය කළ ඒ මහතා ඊයේ (27) දින ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත.
දමිත ගුණරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.










