• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලංකාවේ ඉපදෙයි…

October 12, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලංකාවේ ඉපදෙයි…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේ ලංකාවේ සෑම පාසලකම පාහේ ඉගැනුම් කාලය අවසන් වීමෙන් අනතුරුව විසිර යාමට ප්‍රථමයෙන් සජ්ඣායනා කරනු ලබන ‘යො වාදතං පවරෝ’ ගාථාව අසා නොමැති පුද්ගයකු මෙරට නොමැති තරම් වුවත් බොහෝ වි⁣ට සාව්‍ය උච්චාරණ සහිතව අර්ථය නොදැන සජ්ඣායනා කිරීම දක්නට ලැබෙයි.

මෙම ගාථා වනාහි සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ විමානවත්ථු පාළියේ මහාරථ වග්ගයේ ඡත්ත මානවක විමානයෙහි සඳහන් ගාථාවකි. ඒ පිළිබඳ විස්තර වන පරමත්ථදීපනී නම් විමානවත්ථු අට්ඨ කථාවට අනුව සේතව්‍ය නගරයෙහි තරුණ බමුණකු වූ ඡත්ත උක්කට්ඨ නුවර පොක්ඛරසාතී නම් සිය ගුරුවරයාට ගුරු පඬුරු පිදීමට යන අතරතුර සොරුන්ගේ ග්‍රහණයට හසුව මියයන බව මහාකරුණා සම්මාපත්ති නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ, ඔහු වෙත එළැඹ සරණාගමනයේ හා සීලසමාදානයේ පිළිවෙළ හා ආනිසංස පැහැදිලි කොට ගාථා තුනකින් එම මාර්ගය දෙසූ සේක.

මෙසේ තිසරණයේ හා සීලයේ පිහිටුවූ ඡත්ත මානවකයා අතර මඟදී සොරකු විදින ලද විෂ පෙවූ හීයකින් මරණයට පත්විය. මරණින් මතු ඡත්ත මානවකයා උපන්නේ තව්තිසා භවනෙහි තිස් යොදුන් රන් විමනකය. ඡත්ත දිව්‍ය රාජයා තමා මෙසේ ඉපදීමට කරුණු විමසා බලන කල බුදුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක් ඉපිද උන්වහන්සේ බැහැදැකීමට පැමි⁣ණියේය. එහිදී බුදුන් වහන්සේ වදාළ ධර්මය අසා මේ ඡත්ත දිව්‍යරාජයා සෝවාන් ඵලයට පත්විය.

ඉන් වසර දෙදහස් පන්සියයකට ආසන්න කාලයේදී නැවතත් මේ ඡත්ත මානවයා පිළිබඳ කතා ප්‍රවෘත්තියක් මතුවන්නේ දඹදිවින් හෝ තව්තිසාවෙන් නොව, ශ්‍රී ලංකාවෙනි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඕල්කොට්තුමා ආදීන්ගේ මඟ පෙන්වීමෙන් වර්ෂ 1886 නොවැම්බර් මස 01 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රථම විදුහල්පති ධුරය දරන ලද්දේ Free Christian Association නම් වූ ක්‍රිස්තියානි නිකායේ පූජකවරයකු වූ සී.ඩබ්. ලේඩ්බීටර් පියතුමාය. එම ක්‍රිස්තියානි නිකායේ පිළිවෙත් තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම පමණක් නොව සමථ භාවනා ක්‍රමද වූ අතර පරමවිඥානාර්ථ සමාගම හා එක්ව කටයුතු කළ ලේඩ්බීටර්තුමා චිත්ත ශක්තිය අතින් දියුණු මට්ටමක පසුවිය. ඔහු ආනන්දයේ විදුහල්පති ලෙස රාජකාරි ආරම්භ අවස්ථාවේදී ප්‍රථම ශිෂ්‍යයා ලෙස බඳවාගන්නා ලද්දේ ජිනරාජදාස නම් කුඩා දරුවෙකි.

වර්ෂ 1875 දෙසැම්බර් 16 වැනිදා පානදුරේදී උපන් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස හෙවත් සී. ජිනරාජදාස ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා ලෙස විදුහලට ඇතුළත් වීමට පැමි⁣ණි මොහොතේ එම දරුවාගේ ප්‍රියශීලී ගතිගුණ නිසා ලේඩ්බීටර්තුමා සිය චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරමින් ඔහු පිළිබඳ විමසා බැලීය. එහිදී ඔහුගේ ඥාන ශක්තියට තමා ඉදිරියේ සිටින මේ කුඩා දරුවා පූර්ව ජන්මයේදී ඇමෙරිකාවේ උපත ලබා සිටි තමාගේම සහෝදරයා බවද, ඊටත් පෙර ආත්ම භාවයේදී දඹදිව ඡත්ත මානවකයා බවද පෙනී ගියේය. ලේඩ්බීටර්තුමා ලංකාවට පැමිණීමට හේතුවක් වූයේද අකාලයෙහි මියගිය තමන්ගේ සහෝදරයා ලංකාවේ උපත ලබා සිටින බව අධ්‍යාත්මිකව ඔහුට දැනගැනීමට ලැබුණු නිසා බවද පැවැසේ.

ඒ අනුව ලෙඩ්බීටර්තුමා ජිනරාජදාසගෙන් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ගාථා ත්‍රිත්වය විමසූ කල ඔහු එය මතකයෙන් පවසා ඇත. එදා සිට පාසල් අවසන ඡත්තමානවක ගාථා සජ්ඣායනා කිරීමේ සිරිත ද ලංකාවේ ආරම්භ විය.

ජිනරාජදාස යනු ඡත්ත මානවකයා බව හෙළි කරගත් පසු එය සෙසු අයගේ අවිශ්වාසයට හා පරිභවයට ලක්විය හැකි බැවින් රහසක්ව පැවතුණි. ලේඩ්බීටර්තුමාගේ උපදෙස් අනුව සිය උසස් අධ්‍යාපනය කේම්බි්‍රජ්හි ශාන්ත ජෝන් විදුහලෙන් ලබාගත් ජිනරාජදාස ප්‍රාචීන භාෂා පිළිබඳ උපාධියක් ලබා පසුව සිය රටට පැමිණ කෙටි කාලයක් ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පති ලෙස ද සේවය කළේය.

මෙම ඡත්ත මානවක – ජිනරාජ පුනරුත්පත්ති සම්බන්ධය යළිත් මතුව එන්නේ අතිගෞරවාර්හ අභිධජරට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන්ගේ පර්යේෂණ කටයුත්තක් හේතුවෙනි. මේ කතා ප්‍රවෘත්තිය අසා තිබූ උන්වහන්සේට මෙහි සත්‍ය අසත්‍යතාව ගවේෂණය කිරීමට සිතුණු අතර ඒ සඳහා නාඩි වාක්‍ය ක්‍රමය තෝරාගත් උන්වහන්සේ එම කටයුත්ත පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත.

‘මේ සමය වන විට මදුරාසියේ අද්යාරයේ තියෝසොපිකල් සංගමයේ කේන්ද්‍රස්ථානය පිහිටුවා එය වේගයෙන් දියුණු වීගෙන ආයේය. එහි පොත් ගුලට විශාල දෙමළ, තෙළිගු ආදී භාෂාවලින් ලියැවුණු දහස් ගණනක් පොත් ලැබිණි. ඒ අතර නාඩි වාක්‍ය පොත් රාශියක් විය. දෙමළ පඬිවරුන් මගින් ඒවායේ ඇතුළත් දෑ පිරික්සැවීමේදී ඕල්කට්තුමා, ජිනරාජදාස මහතා ආදීන්ගේ අතීත ජන්ම ප්‍රවෘත්ති දැගන්නට ලැබිණි. ඒවායේද ජිනරාජදාස මහතා ඡත්තමානවකයාම යැයි සඳහන්ව තුබුණේය. මෙය පරිකල්පිත මති මාත්‍රයෙක් නොවේ. බොහෝ මෑතක නිල්වක්කේ සෝමානන්ද තෙරහුත්, මමත් ගොස් මදුරාසියේ නාඩි වාක්‍ය වාචක දෙමළ මහතා ඉදිරියේ බුදුරදුන් දවස ඡත්ත මානවකයා අද කොහේ ඇද්දැයි සිතා ඒ තෙරුන්ගේ කේන්දරය ඉදිරිපත් කළෙමු. පුස්කොළ පොතක් ගෙනවුත් එහි පිටක් පෙරළා ‘අප සිතුවේ ඡත්ත නම් කෙනකු ගැන යැයිද ඔහු දැන් ජිනරාජදාස නමින් සිටිතැයි’ද හේ කීයේය….’

මෙම නාඩි වාක්‍ය විමසන කාලයේ ජිනරාජදාස මදුරාසියේ අඩ්යාර්හි පරම විඥානාර්ථ මූලස්ථානයේ විසූ බැවින් බළන්ගොඩ නාහිමියන් නිල්වක්කේ නාහිමියන් සමග ගොස් ‘බුදුන් දවස ඡත්ත මානවක ඔබ යැයි කියන කතාව ඇත්තක්දැයි’ විමසූ විට ඔහු මඳක් සිනා සී ‘වෙන්ට පුළුවන්’ කියා හිස සෙලවූ බව ද බළන්ගොඩ නාහිමියෝ පසුව ප්‍රකාශ කළ සේක.

ජිනරාජදාස බළන්ගොඩ නාහිමියන්ගේ හිතවතකු වූ අතර පසු ක⁣ලෙක නාහිමියන් වෙත පැමිණෙන ඔහු ඉංග්‍රීසි පොත් රාශියක් උන්වහන්සේට භාරදී ‘මම තව වැඩි කලක් ජීවත් වන්නේ නෑ. මරණින් පසු බ්‍රසීලයේ උපදිනවා. උපත ලබන ස්ථානය අසල දැනටමත් මා බෝ පැළයක් රෝපණය කර තිබෙනවා. එතැන පරිසරය භාවනානුයෝගී ජීවිතයකට ඉතාම සුදුසු ශාන්ත තැනක්’ යැයි පවසා තිබේ.

1916 දී ජිනරාජදාස ඉංග්‍රීසි ජාතික ඩොරති එම්. ග්‍රැහැම් නම් කාන්තාව සමග විවාහ දිවියට එළැඹිණි. 1921 සිට 1928 දක්වා කාලයේදී පරම විඥානාර්ථ සමාගමේ උපසභාපති වශයෙන් කටයුතු කළ ජිනරාජදාස මහතා පරමවිඥානාර්ථවාද, දේවධර්මය, දර්ශනය, සාහිත්‍යය සහ කලාව පිළිබඳ පොත් 50කට ආසන්න සංඛ්‍යාවක් හා ලිපි 1,600කට ආසන්න සංඛ්‍යාවක් ලිවීමට සමත් විය. 1945 දී පරම විඥානාර්ථ සමාගමේ සභාපති තනතුරට පත් ජිනරාජදාස මැතිතුමා 1953 ජූනි 18 දින එතුමාගේ අභාවය සිදුවන තෙක්ම එම තනතුරෙහි කරයුතු කරන ලදී. භාරතයේ විසූ විශිෂ්ට ගණයේ අධ්‍යාත්මිකවේදියකු වන ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පෞද්ගලික ගුරුවරයා වූ⁣යේද ජිනරාජ බව ඊ.ඩබ්. අදිකාරම් ලියූ ලිපියක සඳහන් වේ.

බම්බලපිටිය වජිරාරාමාධිකාරී හා කොළඹ 07 සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ පියදස්සී නාහිමියන් බ්‍රසීලයේ සංචාරයක යෙදුණු අවස්ථාවේදී ජිනරාජදාසයන් මරණයට පෙර ප්‍රකාශ කරන ලද ස්ථානයට ගොස් ඇති අතර උන්වහන්සේ එම ප්‍රදේශයේ විශාල මන්දිරයක් හිමි එකම එක බෞද්ධ උපාසකයකු එහි භාවනානුයෝගී ජීවිතයක් ගතකරනු දුටු බව පවසා ඇත.

රුවන් වින්ඩ්සර්

ජායාරූප – ගාල්ල මහින්ද විද්‍යාලයට සී. ජිනරාජදාස මහතා සහ එම මහත්මිය පැමිණි අවස්ථාවක ගන්නා ලද මෙම ඡායාරූපය 1919 විද්‍යාලයීය සඟරාවේ ඇතුළත් කොට ඇත.

Share357Tweet223SendShare89
Previous Post

ගෙවල් ගිනිගත්ත මන්ත්‍රීවරු 74කට රනිල් අද එන්න කියයි! 44ක් එන බව තහවුරු කරයි! අන්තිමට ආවේ 34යි!

Next Post

පොහොට්ටුවෙන් මහින්ද-ගෝඨා-බැසිල් හැලෙයි!

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version