ශ්‍රී ලාංකේය ප්‍රහසන කලාව නව මානයකට රැගෙන ගිය ‘අපි නොදන්න ලයිව්’ වැඩසටහනෙන් ජනතා හදවත් තුළ ලැගුම් ගත් ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය යූටියුබ් නාලිකාව වන ‘චූටි මල්ලියි පොඩිමල්ලියි’ වෙත නවතම ප්‍රහසන වැඩසටහනක් එක්කර තිබෙනවා. ‘අපරාධය සහ දඬුවම’ ලෙස නම්කර ඇති එම වැඩසටහන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එමු. (Sri Lanka Latest News)
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අපරාධය සහ දඬුවම’. මේක මේ ලංකාවේ සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. දකුණු ඉන්දියාවේ වෙච්ච දෙයක්. දකුණු ඉන්දියාවේ විශාල මංකොල්ලයක් සිදුවෙනවා. ඒක ගැන හොයන්න ඒ රටේ අපරාධ පරීක්ෂණ අංශයෙන් කරන සැලසුමක් ගැන තමයි කතාකරන්නේ.
නිලධාරියා
ගුඩ් මෝනිං සර්
ප්‍රධානියා
ගුඩ් මෝනිං. දන්නවනේ වැඩේ නේද?
නිලධාරියා
ඔව් සර්. මාර අපරාධයක් නේද සර්. හැම තැනම වීඩියෝ ෂෙයාර් වෙනවා.
ප්‍රධානියා
වීඩියෝ ගියාට කමක් නෑ. සී.සී.ටී.වී.වල ඔක්කොම තියෙනවා. කාර් එක එනවා තියෙනවා. උඩට නගිනවා තියෙනවා. වහලෙන් බිමට බහිනවා තියෙනවා. ඊට පස්සේ ආයුධ පෙන්නලා ඔක්කොම රත්තරං බඩු ටික අරගෙන යනවා තියෙනවා. දියමන්තියත් ගන්නවා.
නිලධාරියා
සර් දෙන්නෙක් එන්නේ නේද සර්?
ප්‍රධානියා
දෙන්නෙක් එන්නේ. සී.සී.ටී.වී. තියෙනවා. අල්ලන්නයි තියෙන්නේ.
නිලධාරියා
හරි සර්. එහෙනම් අපි වැඩේට බහින්නද සර් දැන් ඉඳලම?
ප්‍රධානියා
ඔව් ඔව් බහින්න බහින්න දැන්මම. මොකද මිනිස්සු බලාගෙන ඉන්නවා. මේවා අපි කරන්න ඕනනේ.
නිලධාරියා
අනිත් එක සර් බලන්නකෝ මේ හැම තැනම ෂෙයාර් වෙලානේ වීඩියෝ එක. දෙන්නා උඩට එන එක තියෙනවා. එක එක ඈන්ගල්වලින් දෙන්න එන හැටි පේනවා සර්. ඔක්කොම තියෙනවා සර්.
ප්‍රධානියා
ඉතිං ඔයාට තියෙන්නේ හොයාගන්න. ඉක්මන් කරන්න.
නිලධාරියා
හරි සර් මං යන්නම්. හරි.
චූටි මල්ලි
දැන් මොකක්ද එතකොට?
පොඩි මල්ලි
ඉතිං දැන් මෙතන ඉඳලා අල්ලනවා.
චූටි මල්ලි
ඒ කතාව එතනින් ඉවරයි?
පොඩි මල්ලි
ඔව් ඉතිං. මේක ලොකු රහස් පරීක්ෂක කතාවක්නේ….
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අපරාධය සහ දඬුවම’. මේක දකුණු ඉන්දියාවේ වෙච්ච මංකොල්ලයක් ගැන සිදුකරන පරීක්ෂණයක්. ඔන්න ඒ පරීක්ෂණ බාරදීපු කණ්ඩායම එනවා. පොලිස් ප්‍රධානියත් ඉන්නවා එතැන.
නිලධාරියා
ගුඩ් මෝනිං සර්
ප්‍රධානියා
ගුඩ් මෝනිං.
නිලධාරියා
සර් අපි ඔක්කොම වගේ හොයාගත්තා සර්.
ප්‍රධානියා
ගුඩ් ජොබ් ගුඩ් ජොබ්. අර දෙන්නව ඇල්ලුවද?
නිලධාරියා
අපි මෙහෙමයි. ඔතන ඇවිල්ලා තියෙනවනේ කාර් එකක්. ඒ කාර් එකෙන් තමයි ඒගොල්ලෝ එතැනට එන්නේ. ඇවිල්ලා උඩට නගින්නේ. අපි බැලුවා සර් ඔක්කොම සීසීටීවී. ඒ අනුව මේගොල්ලෝ ඇවිල්ලා මෙතනින් හරවලා තමයි ආපහු එන්නේ සර්. ඇවිල්ලා ඊට පස්සේ මේගොල්ලෝ මගදී සර් වෙන වාහනේකට නගිනවා. අපි වාහන දෙක ගැනම පරීක්ෂණ කරලා බැලුවා සර්. ව්‍යාජ අංක තහඩු තමයි පාවිච්චි කරලා තියෙන්නේ.
ප්‍රධානියා
ඇල්ලුවද අර දෙන්නා?
නිලධාරියා
ආ… අල්ලුවා සර්. එක්කෙනෙක් ඇල්ලුවා…
ප්‍රධානියා
ගුඩ් ජොබ් ගුඩ් ජොබ්. එහෙනම් අනිත් එක්කෙනාවත් අපිට ටක් ගාලා අල්ලගන්න පුළුවන් වෙයි නේද?
නිලධාරියා
මේගොල්ලෝ ඇවිල්ලා වහලෙන් බැහැලා තියෙනවනේ. ඒ බැහැලා තියෙන්නේ සර් නියනක ආධාරයෙන්. වහලේ ගලවලා තියෙන්නේ නියනක ආධාරයෙන්. අපි ඒ ගැන දිගටම පරීක්ෂණ කරගෙන ගියා සර්. ගිහිල්ලා අපි හොයාගත්තා සර් මේගොල්ලෝ මේ නියන ගත්ත හාඩ්වෙයාර් එක.
ප්‍රධානියා
හාඩ්වෙයාර් එකේදී තමයි අරයව අල්ලගත්තේ නේ?
නිලධාරියා
නෑ. හාඩ්වෙයාර් එකේ අයිතිකාරයා අත්අඩංගුවට ගත්තා සර්. මිනිහගෙන් අපි ප්‍රශ්න කරගෙන යනවා සර් ඉදිරියට.
ප්‍රධානියා
හාඩ්වෙයාර් එකේ අයිතිකාරයා මොකටද ඕයි? මේ සීසීටීවීවල මේ ඉන්නේ මිනිස්සු දෙන්නා?
නිලධාරියා
නෑ සර්, අපි හාඩ්වෙයාර් එකෙන් අපි පොඩ්ඩක් බලාගන්න පුළුවන් මේ මිනිස්සු දෙන්නා කවුද කියලා….
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අපරාධය සහ දඬුවම’. මේක දකුණු ඉන්දියාවේ එක්තරා මංකොල්ලයක් ගැන සිදුකරන පරීක්ෂණයක්. පොලිස් ප්‍රධානියා සහ නිලධාරියෙක් අතර ඇතිවන සංවාදයක් තමයි මේ.
නිලධාරියා
ගුඩ් මෝනිං සර්
ප්‍රධානියා
ගුඩ් මෝනිං. කොහොමද ප්රෝග්රස් එක?
නිලධාරියා
සුබ ආරංචියක් තියෙනවා සර්.
ප්‍රධානියා
ආ… කියන්න.
නිලධාරියා
අපි අර වැඩේ කරපු දෙන්නා සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු හොයාගත්ත සර්.
ප්‍රධානියා
ඇල්ලුවද ඒ දෙන්නව?
නිලධාරියා
සර් මෙහෙමයි. දැන් සර් අපි හොයාගත්තා මේගොල්ලෝ ඇත්තටම අපරාධ ගොඩකට සම්බන්ධ කට්ටිය සර්. මේගොල්ලෝ සර් ඇත්තටම හොරු.
ප්‍රධානියා
හොරු හින්දනේ රත්තරං බඩු සාප්පුවට පැනලා හොරකම් කරන්නේ.
නිලධාරියා
ඒ වගේම අපිට අධ්‍යයනය කිරීමේදී පේනවා සර් මේගොල්ලෝ නිකං හොරු නෙවෙයි. දක්ෂයෝ. ඒ වැඩේට විශේෂ පළපුරුද්දක් තියෙන දක්ෂයෝ කියන එක අපිට ඒගොල්ලන්ගේ ඉරියව් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙනවා.
ප්‍රධානියා
ඒකට එච්චර නටන්න ඕනෙ නෑනේ හලෝ. සීසීටීවීවල ඒ ඔක්කොම තියෙනවනේ. වහලෙන් බහින විදිය, බඩු අරගෙන යන හැටි. ඒවා බලද්දී දක්ෂයෝ කියලා පේනවනේ. අලුතෙන් හොයන්න දෙයක්ද ඒක?
නිලධාරියා
නෑ සර්, අපි හොයාගත්තා මේ දෙන්නා පොඩි කාලේ ඉඳලම යාළුවෝ. එකට ඉඳලා තියෙන්නේ සර්. මොන්ටිසෝරි ගිහිල්ලා තියෙන්නෙත් එකට සර්. ඒ වගේම මොන්ටිසෝරියේ ඉන්න කාලේ ඉඳලම දෙන්නා ඔය වගේ වැඩ කරලා තියෙනවා. මොන්ටිසෝරිය ඉස්සරහා කඩල විකුණපු ආච්චි කෙනෙක්ගෙන් මේ දෙන්නා කඩල හොරකම් කරලා තියෙනවා. අපි ඒ මොන්ටිසෝරියටත් ගියා සර්. ගිහින් ඒ ඔක්කොම පරීක්ෂා කළා සර්. අපි දැන් අත්අඩංගුවට ගත්තා සර්.
ප්‍රධානියා
වෙල් ඩන්… වෙල් ඩන්….
නිලධාරියා
ඒ කියන්නේ සර් මොන්ටිසෝරි ටීචර්ව අත්අඩංගුවට ගත්තා. මොන්ටිසෝරි ටීචර්ගෙන් අපි දැන් ප්‍රශ්න කරනවා.
ප්‍රධානියා
මොන විකාරයක්ද ඕයි මේ කියන්නේ….?
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අපරාධය සහ දඬුවම’. දකුණු ඉන්දියාවේ දියමන්තියක් කොල්ලකාපු සිද්ධියක් ගැන තමයි මේ කතාවෙන් කියන්නේ. ඒ ගැන පරීක්ෂණ පවත්වන පොලිස් ප්‍රධානියා සහ නිලධාරියෙක් අතර ඇතිවන සංවාදයක් තමයි මේ.
නිලධාරියා
ගුඩ් මෝනිං සර්
ප්‍රධානියා
ඇල්ලුවද?
නිලධාරියා
ඔව් සර්.
ප්‍රධානියා
හොඳයි හොඳයි.
නිලධාරියා
අපි දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා සර්.
ප්‍රධානියා
නියමයි නියමයි…
නිලධාරියා
සර් අපි පොඩි වැඩක් කළා සර්. මීඩියාවලින් අනං මනං කියනවනේ සර්.
ප්‍රධානියා
හොයන්නේ නෑ කියලා කියනවනේ.
නිලධාරියා
සර් නියන විකුණපු හාඩ්වෙයාර් එකේ කෙනා ඉන්නවනේ. මිනිහගෙන් අපි ප්‍රශ්න කරන හැටි වීඩියෝ කරලා අපි මීඩියාවලට දැම්මා සර්.
ප්‍රධානියා
මොනවද ඕයි කරන්නේ? නියන විකුණපු හාඩ්වෙයාර් එකේ මිනිහා වැඩක් තියෙනවද මේකට?
නිලධාරියා
නෑ සර්, අපි මොනවත් කරන්නේ නෑ කියලා මිනිස්සු ඒවා මේවා කියනවනේ. ඒක පොඩ්ඩක් බැලන්ස් කරන්න කියලා අපි බැලුවේ.
ප්‍රධානියා
දැන් කොහොම හරි ඇල්ලුවනේ. එහෙනම් එච්චරයි.
නිලධාරියා
ඇල්ලුවා කියන්නේ සර්, මුං දෙන්නා මෝඩයෝ දෙන්නෙක් සර්, එක පැත්තකින්. දක්ෂයො වුණාට. මුං දෙන්නා වැඩේට කලින් යනවා සර් රෑ කඩේකට. දෙන්නම එක කොත්තුවක් කනවා සර්. කොත්තුවක් කාලා ඊට පස්සේ දෙන්නා සර් ප්ලේන්ටි දෙකක් බොනවා. බීලා සිගරට් දෙකක් බොනවා එළියට ඇවිල්ලා. ඒ සීසීටීවී ඔක්කොම අපි පරීක්ෂා කරලා තියෙන්නේ සර්.
ප්‍රධානියා
ඊට පස්සේ…?
නිලධාරියා
ඒ කොත්තු කඩේ තියෙනවනේ සර්….
ප්‍රධානියා
මං දන්නවා තමුසේ කියන්න යන්නේ මොකක්ද කියලා.
නිලධාරියා
මොකක්ද?
ප්‍රධානියා
කඩේ මුදලාලිව තමුසෙලා ඇරෙස්ට් කළානේ?
නිලධාරියා
නෑ සර් නෑ. ගොං වැඩක්නේ සර් ඒක කරන්න ගියොත් එහෙම.
ප්‍රධානියා
ඒක තමයි කියන්නේ.
නිලධාරියා
කඩේ මුදලාලි අපේ ඇමැතිතුමාගේ යාළුවෙක් සර්. අපි කඩේ ගෝලයෝ දෙන්නෙක් ඇරෙස්ට් කළා සර්…
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අපරාධය සහ දඬුවම’. දකුණු ඉන්දියාවේ දියමන්තියක් කොල්ලකාපු සිද්ධියක් ගැන තමයි මේ කතාවෙන් කියන්නේ. ඒ පරීක්ෂණ පවත්වන පොලිස් ප්‍රධානියා සහ නිලධාරියෙක් අතර ඇතිවන සංවාදයක් තමයි මේ.
නිලධාරියා
ගුඩ් මෝනිං සර්…
ප්‍රධානියා
ගුඩ් මෝනිං. මොකද තත්ත්වෙ? වැඩේ ඇදෙනවා නේද?
නිලධාරියා
නෑ සර්. වැඩේ හරි. දියමන්තිය හොයාගත්තා.
ප්‍රධානියා
දියමන්තිය හොයාගත්තා කියන්නේ අර දෙන්නව අල්ලගන්න ඇතිනේ…?
නිලධාරියා
තාම නෑ සර්. පොඩ්ඩක් දෙන්න සර්. මේ දියමන්තිය තමයි සර් ලස්සනම කතාව. මේ දියමන්තිය මෙතනට ආපු විදිය තමයි මරු. මේ දියමන්තිය සර් මැණික් බිස්නස් කරන කෙනෙක් අරගෙන තියෙනවා. එයාට එයාගේ නෝනට අමතරව තව පොඩි සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ කෙනාට මේක තෑගි කරලා තියෙනවා. ඔය අතරේ දියමන්තිය ගත්ත බිල අහුවෙලා තියෙනවා මැණික්කාරයගේ නෝනට. නෝනා ඒක හොයාගෙන යද්දී නෝනට අහුවෙලා තියෙනවා ඒක මෙහෙම ගෑනු කෙනකුට දුන්නා කියලා. ඊට පස්සේ සර් මේකට එයාගේ නෝනා ඇවිල්ලා වලියක් දාලා, මිනිහත් එක්ක රණ්ඩු වෙලා ඒ දෙන්නා ඩිවෝස් වෙලා තියෙනවා. ඊට පස්සේ සර් මේ දියමන්තිය අර ගෑනු කෙනා මිනිස්ටර් කෙනකුට විකුණලා තියෙනවා. ඒ මිනිස්ටර් එයාගේ නෝනගේ බර්ත්ඩේ එකට ඒක දීලා තියෙනවා. ඊට පස්සේ සර් ඡන්දෙකදී පොඩි සල්ලි ප්‍රශ්නයක් ආවම මිනිස්ටරුයි එයාගේ නෝනයි එකතු වෙලා දියමන්තිය මේ සාප්පුව අයිති කෙනාට උකස් තියලා තියෙනවා. දැන් එතකොට ඒ දියමන්තිය තියෙන මාලේ තමයි මේ හොරකම් කරලා තියෙන්නේ.
ප්‍රධානියා
එතකොට කෝ දැන් ඒ දියමන්තිය?
නිලධාරියා
ඒක සර් හොරු ගාව.
ප්‍රධානියා
එහෙනම් දැන් දියමන්තිය හොයාගත්තා කිව්වේ?
නිලධාරියා
නෑ සර්, දියමන්තිය ගැන විස්තරේ හොයාගත්තේ.
ප්‍රධානියා
මොන මඟුලක්ද ඕයි? දියමන්තියේ ඉතිහාස කතාවයි හොර ගෑනුන්ට දුන්නු ඒවයි වැඩක් තියෙනවද ඕයි මේකට? අර සීසීටීවීවල තියෙන හොරකම කරපු දෙන්නව අල්ලනවකො…
නිලධාරියා
හරි සර් හරි. අල්ලනවා….
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අපරාධය සහ දඬුවම’. මේක දකුණු ඉන්දියාවේ දියමන්තියක් කොල්ලකාපු සිද්ධියක් වටා ගෙතුණු කතාවක්. ඔන්න ඒ දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් ප්‍රධානියා සහ පොලිස් නිලධාරියෙක් අතර ඇතිවන සංවාදයක් තමයි මේ.
නිලධාරියා
ගුඩ් මෝනිං සර්.
ප්‍රධානියා
ගුඩ් මෝනිං තමයි හැමදාම. වැඩේ කෙරෙන්නේ නෑනේ. ලොක්කා මාව කන්න හදනවා.
නිලධාරියා
සර් බයවෙන්න එපා. අපිට වැඩක් බාරදුන්නොත් කිසි දේකට බයවෙන්න දෙයක් නෑ. මෙතන වෙන්නේ අපරාධකාරයෝ වැඩිවෙලානේ ඉන්නේ. අපි අපරාධකාරයෝ සෑහෙන්න ඇල්ලුවා සර්. ඉතුරුවෙලා ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි. මේ දෙන්නයි තව දෙන්නෙක් ඇති ඕනෙ නම්. සර්, අපි හොයාගත්තා සර්.
ප්‍රධානියා
මොකක්ද හොයාගත්තේ?
නිලධාරියා
මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට සර් පොඩි ප්‍රේම පලහිලව්වක් තිබිලා තියෙනවා. ඒ මනුස්සයා යාළුවෙලා ඉඳලා තියෙනවා දේවි කියලා ගෑනු ළමයෙක් එක්ක. දේවි කියන ගෑනු ළමයට සර් මේ මනුස්සයා විටින් විට තෑගි ගෙනත් දීලා තියෙනවා. ළඟදීත් මාලයක් ගෙනත් දීලා තියෙනවා. හැබැයි ඒක මේ මාලේ නෙවෙයි. සමහර විට මේ මාලෙත් ඒ ගෑනු ළමයට එන්න පුළුවන්.
ප්‍රධානියා
මම දන්නවා තමුසේ ඊළඟට කියන්නේ මොකක්ද කියලා.
නිලධාරියා
මොකක්ද සර්?
ප්‍රධානියා
තමුසේ දේවිව ඇරෙස්ට් කළානේ?
නිලධාරියා
නෑ සර්. මම ගියා. ගිහිල්ලා දේවිගෙන් ප්‍රශ්න කළා. පොඩි ලස්සන කෙල්ලෙක් සර්. හරිම ලස්සනයි සර් කෙල්ල. ජීවිතේට සර් ඒ වගේ හොරෙකුට නම් ඒ කෙල්ලව ගැළපෙන්නේ නෑ. ඒ තරම් අහිංසක කෙල්ලෙක් සර්. ඒ වගේ ලස්සන අහිංසක කෙල්ලෙක් ගැළපෙන්නේ ඒ වගේ හොරෙකුට නෙවෙයි සර්, මං වගේ අහිංසක මිනිහෙකුට කියලා මට හිතෙනවා. ඒක හින්දා මං ඇරෙස්ට් කළේ නෑ සර්. ඒ කෙල්ලගෙ මල්ලි කෙනෙක් ඉන්නවා සර්. ඇඟේ පච්ච එහෙම කොටාගෙන. හෙනම අණ්ඩපාලයෙක් සර්. කොණ්ඩෙත් පාට කරලා ඉන්නේ සර්. ඌව ඇරෙස්ට් කළා සර්.
ප්‍රධානියා
පිස්සුද ඕයි. තමුසෙට කෝමාද? ටැටූ ගහලා කොණ්ඩේ පාට කරන එවුන් අල්ලනවා නම් ක්‍රිකට් ටීම් එකේම කී දෙනෙක් ඉන්නවද අල්ලන්න….?