ඔක්සිමීටර සඳහා රුපියල් 3,000 උපරිම සිල්ලර මිලක් නියම කළ බව ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය ද පැවසීය.
කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය දිනවල ඔක්සිමීටර්වල මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් ද විශාල වශයෙන් වෙළෙඳපොළට නිකුත් වී තිබුණි.










