• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හංගපු පාස්කු වාර්තා දෙකට ගම්මන්පිලයි විජිතයි හැප්පෙයි! Sri Lanka Latest News

October 20, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. එසේ නොමැති නම් තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත්, එම වාර්තා ප්‍රසිද්ධ කළ පසු අනුර පානයෙන් මත්ව සිටින ජනතාවට සිහි එළවාගත හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. (Sri Lanka Latest News)

පසුගිය 14 වැනිදා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේද පැවසීය.

‘පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා හිස් අතින් කටුවාපිටිය පල්ලියට ගිය එක වැරදියි, පල්ලිය හැමදාම ඉල්ලන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු දෙකේ වාර්තා දෙක අරගෙන යන්න තිබුණා කියා මම ප්‍රකාශ කළා. තවදුරටත් පමා නොකර මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමැතිතුමාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළා. එවිට ඇමැතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද ඒවායේ පිටු ගැළවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා.

ගරු ඇමැතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදී කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොළකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදී කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමැතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනී රදගුරුතුමාට බාර දුන්නා. ඒ කොටස්වලින් මහ මොළකරු සොයාගන්න නම් බැරිවෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමැතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්. නැතිනම් හැරල්ඩ් ඇන්තනී රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.

අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ජනක් ද සිල්වා වාර්තාව නොවේ. දැනට ප්‍රසිද්ධ නොකරපු එස්.අයි. ඉමාම් වාර්තාවයි, ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ. විශ්‍රාමික විනිසුරු එස්.අයි. ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත්, විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14 හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. මෙන්න මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න. කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ඇන්තනී පියතුමන් පුන පුනා කියන්නේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලයි. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න බැරිවෙලා තිබෙන්නේ ඔබතුමා කියන ආකාරයට පිටු වගයක් අඩුවීම නම් අඩු පිටු ටික මට කියන්න. ඒ පිටු ටික මම දෙන්නම්. මොකද ඔබතුමාලාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොයාගන්න බැරිවුණු වාර්තා දෙක අපට ලැබිලා තිබෙනවා. අපි ඒක ප්‍රසිද්ධ නොකරන්නේ ජනාධිපතිතුමා පත්කළ කමිටුවක වාර්තාවක් තුන්වැනි පාර්ශ්වයක් විසින් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති නිසා.

මෙවැනි සංවේදී කාරණයක් පිළිබඳ අපිට තවත් බලා ඉන්න බෑ. ආණ්ඩුව හරියටම දින හතක් ඇතුළත මේ වාර්තාව ප්‍රසිද්ධ කළේ නැතිනම් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියන අනතුරු ඇඟවීම අපි කරනවා. මේ වාර්තාව ප්‍රසිද්ධ කළ පසු ‘අනුර පානයෙන්’ මත් වෙලා ඉන්න ජනතාවකට සිහි එළවාගන්න හැකි වේවි කියලා අපි හිතනවා.

වාර්තා මගේ ළඟයි කියලා රෑට මගේ කාර්යාලය කඩන්න සැලැසුම් කරන්න එපා. මොකද අපි ඒ සමස්ත වාර්තා දෙකම ස්කෑන් කරලා එහි පිටපත් රහසිගතව අන්තර්ජාලයේ තැන්පත් කරලයි තියෙන්නේ.’ යනුවෙන් උදය ගම්මන්පිල මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

මේ අතර පසුගිය 15 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට දින තුනක කාලයක් ලබාදෙන බවයි.

රජය සතුව තිබිය යුතු වාර්තාවක් පිටට ගිය කෙසේදැයි පරීක්ෂණ කළ යුතු බවත්, මෙපමණ කලක් එවන් වාර්තාවක් රහසිගතව තබාගැනීම අපරාධයක් බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සූදානම් බවත් හෙතෙම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

රජය සතුව ඇති වාර්තාව නිවැරදි ක්‍රමවේදයට පරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා බැඳී සිටින බවත් හෙතෙම පැවසුවේය.
අදාළ වාර්තාව ගම්මන්පිල මහතාට ලැබුණු ආකාරය හෙළිකළ යුතු බවත්, එම වාර්තා ඔහු සතුව ඇත්නම් එය රජයට භාරදෙන ලෙසත් විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මේ අතර, රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ලැබුණු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගිය 16 වැනිදා පැවැසීය.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙසේ ප්‍රකාශ කර සිටියේය.

‘ඉදිරි දින හත තුළ ජනාධිපතිතුමා විසින් දැනට ප්‍රසිද්ධ කර නොමැති පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම ඒවා ප්‍රසිද්ධ කරන බවට පසුගිය සඳුදා (14) මාධ්‍ය හමුවේදී ජනාධිපතිතුමාට මම අනතුරු ඇඟෙව්වා. මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිතුමා ඊයේ කිව්වේ මා සතු වාර්තාව ආණ්ඩුවට භාරදෙන්න දවස් තුනක් කල් දෙනවා, ඒ වගේම මට වාර්තා ලැබුණු විදියත් සොයාගන්න ඕනෙලු.

ගරු ඇමැතිතුමනි, මම හඳ පෙන්නුවාම හඳ බලනවා වෙනුවට මගේ ඇඟිල්ල දිහා බලන්න එපා. මට වාර්තා ලැබුණු විදිය නොවේ සොයන්න ඕනෙ. මාලිමාවේ නායකයන් විපක්ෂයේ සිටින කාලයේ ප්‍රසිද්ධ කළ යුතුයි කියලා ආණ්ඩුවට බල කළ මේ වාර්තා දෙක බලය ලැබුණු පසු ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන්නේ ඇයි කියන හේතුවයි විජිත හේරත් මැතිතුමා රටට හෙළිකළ යුත්තේ. මේ වාර්තා යටගහන්න ආණ්ඩුව දක්වන උනන්දුවට හේතුවයි සොයන්න ඕනෙ. මහජනතාවට ඇත්ත දැනගන්න මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවාම ඔබතුමා මට කියන්නේ වහාම මගේ ළඟ තිබෙන වාර්තාවත් ආණ්ඩුවට භාරදෙන්න කියලා. නමුත් මම වාර්තාව ආණ්ඩුවට භාරදුන්නාම ඒක ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරොන්දුවක් නෑ. මගේ වාර්තාවත් ආණ්ඩුවට භාරදුන්නාට පස්සේ ආණ්ඩුව ඒක ප්‍රසිද්ධ නොකර සිටියොත් අපි මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේ තොරතුරු සදහටම අබිරහසක් කරන්න ආණ්ඩුවට උදවු කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුව මේ වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ලබාදෙන තුරු මගේ ළඟ තිබෙන වාර්තා ආණ්ඩුවට භාරදෙන්න මම සූදානම් නෑ.
මෙම වාර්තා දෙක සඟවා තබන්න ආණ්ඩුව උත්සාහ කිරීම මහජන මුදලින් සකස් කළ වාර්තාවල තිබෙන ඇත්ත දැනගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීමක්. මහජන මුදලින් සැකසූ වාර්තාවක අන්තර්ගතය දැනගැනීමට මහජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම මේවා සැඟවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති ජනතාවගේ සිතීමේ නිදහසට වැටකඩුලු බැඳීමක්. ඒ නිසා මේ වාර්තාව මා ළඟ තබාගැනීම බරපතළ අපරාධයක් කියලා මාව බයකරන්න විජිත හේරත් ඇමැතිතුමාට බෑ. ප්‍රසිද්ධ කිරීමට පොරොන්දු නොවෙනවා නම් මම මේවා බාරදෙන්නෙත් නෑ. ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොකළොත් දින 7කින් පසු මම මේක අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කරනවා. අපි යකාට බය නැති නිසා තමයි සොහොනේ ගෙවල් හදාගෙන ඉන්නේ. මාව අත්අඩංගුවට ගන්න. ඕනෑම වධයක් දෙන්න. ඒත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි අද වගේම හෙටත් පෙනී ඉන්නවා.
පාස්කු ප්‍රහාරය කියන්නේ සමස්ත ජාතියේම සංවේදී මාතෘකාවක්. පසුගිය ජනාධිපතිවරු දෙන්නෙක්ම බලයට ආවේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරනවා කියලා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට විශාල ඡන්ද ගණනක් ලැබුණා මේ කාරණය සම්බන්ධයෙන් පෙනීසිටිය නිසා. එහෙම නම් මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න දැන් පැකිලෙන්නේ ඇයි? මේ වින්දිතයන්ට ඇත්ත දැනගන්න අයිතියක් නැද්ද? විපක්ෂයේ ඉන්න කාලයේ මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයි කියා මාලිමාවේ නායකයන්ම කිව්වා දැන් අමතකද?

මට වාර්තා ලැබුණු විදිය වහාම සොයා බලනවා කියා විජිත හේරත් ඇමැතිතුමා කිව්වා. මට වාර්තා ලැබුණු විදිය නොවේ සොයාබැලිය යුත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිටවුණු ආකාරයයි සොයාබැලිය යුත්තේ. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදී තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම්වල තිබෙන නිසා ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැමදාමත් පෙනීසිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මම මේ ඇමුණුම් කිසිසේත් ප්‍රසිද්ධ කරන්නෙ නෑ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමණයි. අපේ අතට මේ වාර්තා ලැබුණු නිසා හොඳයි. නමුත් මට ලැබුණු ආකාරයටම මවුබිමේ සතුරන්ටත් මේ ඇමුණුම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු පිටකරන ‘මීයා’ කවුද කියන එක දැන්ම සොයාගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි.

ඉමාම් වාර්තාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාව මාස තුනක් තිබුණා. කාටවත්ම පිටවුණේ නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා බලයට ඇවිත් සති තුනක් ගතවෙන්න කලින් මේ වාර්තා දෙකම පිටවුණා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතීව කටයුතු කළත් අනුර දිසානායක මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතී නෑ කියන එක නේද? ඒ නිසා මට ලැබුණු විදිය හොයන එක පැත්තකින් තියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිටවුණේ කොහොමද කියන එක ගැන අපේ හේරත් ඇමැතිතුමා දැන්ම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.
මේ වාර්තා මම ප්‍රසිද්ධ කරන බව කියලා තිබෙන නිසාත් මේ වාර්තාවල ඇමුණුම් විදියට ජාතික ආරක්ෂාවට අතිශයින්ම සංවේදී බුද්ධි තොරතුරු විශාල ගණනක් ඇතුළත් වෙලා තිබෙන නිසාත්, ඒවා ප්‍රසිද්ධ නොකළ යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන නිසාත්, මේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට පෙර රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපට වාර්තා දෙන්න කට්ටිය ඉන්නවා වගේම තොරතුරු දෙන්නත් කට්ටිය ඉන්නවා. මට ලැබුණු වාර්තා දෙකේම සියලුම ඇමුණුම් තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ නායකයන්ටත් වඩා ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී පුද්ගලයකු හැටියට මම ඒ කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නෑ. ඒ නිසා ඒ ගැන ආණ්ඩුව බියට පත්විය යුතු නෑ. නමුත් ජනාධිපතිවරයා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ නොකරන්නේ නම් වාර්තා දෙක නම් මම ප්‍රසිද්ධ කරන බව මම ඉතා වගකීමෙන් කියනවා.

මේ වාර්තා හෙළි නොකර මා ළඟ මෙතරම් කලක් තබාගැනීම බරපතළ අපරාධයක් කියලා විජිත හේරත් ඇමැතිතුමා කියනවා. මට මේ වාර්තාව ලැබුණේ ඔක්තෝබර් 10 වැනිදා. මේක සැබෑ වාර්තාවද කියලා තහවුරු කරගෙන 14 වැනිදා මම මාධ්‍ය හමුවක් තියලා මා ගාව වාර්තාව තිබෙන බවත්, ජනාධිපතිතුමා දින හතක් තුළ ප්‍රසිද්ධ නොකළොත් මම ප්‍රසිද්ධ කරන බවත් කිව්වා. ඒ කියන්නේ මේ වාර්තාව මා ළඟ තිබිලා තිබෙන්නේ දින හතරයි. දින හතරක් වාර්තාව ළඟ තබාගැනීම බරපතළ අපරාධයක් නම් සති තුනකට වැඩි කාලයක් ඒක ප්‍රසිද්ධ නොකර ළඟ තබාගත් ප්‍රසිද්ධ කිරීමේ වගකීම තිබෙන ජනාධිපතිතුමා කෙතරම් බරපතළ අපරාධකරුවෙක්ද? ඒ වගේම මාස තුනක් වාර්තාව ළඟ තබාගෙන හිටිය හිටපු ජනාධිපතිතුමා ඊටත් වඩා බරපතළ අපරාධකරුවකු වෙනවා නේද? ඒ නිසා මට විරුද්ධව පියවර ගන්න කලින් වත්මන් ජනාධිපතිතුමාටයි හිටපු ජනාධිපතිතුමාටයි දෙන දඬුවම මොකක්ද කියලා මහජන ආරක්ෂක ඇමැතිවරයා විදියට විජිත හේරත් ඇමැතිතුමා රටට කිව්වොත් හොඳයි.

2015 සිට 2018 දක්වා දූෂණ විරෝධී කමිටුවට ලැබුණු දූෂණ පිළිබඳ තොරතුරු අඩංගු ලිපිගොනු මාලිමාවේ නායකයන් ප්‍රදර්ශනය කරමින් ළඟ තබාගත්තා. මම දවස් හතරක් ලිපිගොනුවක් ළඟ තබාගැනීම බරපතළ අපරාධයක් නම් වසර නවයක් පුරාවට මේ ලිපිගොනු ළඟ තබාගත් මාලිමා නායකයන් කෙතරම් බරපතළ අපරාධකාරයෝද? මට දඬුවම් කරන්න කලින් ඒ අයට දඬුවම් කරලා හිටියොත් හොඳ ආදර්ශයක් නේද ඇමැතිතුමනි.

වංචා දූෂණ පිළිබඳ තමන් සතු තොරතුරු ආණ්ඩුවට ලබාදෙන්න කියා මාලිමාවේ වසන්ත සමරසිංහ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. බයක් හැකක් නැතිව දැන් ජනතාව මේ තොරතුරු දෙන්නේ කොහොමද? මේ තොරතුරු දෙන්න ගිහින් ඒ ජනතාවටත් තොරතුරු තමන් ළඟ මෙතෙක් දවසක් තබාගත්තා කියලා මට වගේ දඬුවමට ලක්වීමේ අවදානමක් ඇතිවේද කියන සාධාරණ බය ඇතිවෙනවා නේද? ඒ නිසා දින හතරක් වාර්තාව ළඟ තබාගැනීම බරපතළ අපරාධයක් කියලා විජිත හේරත් ඇමැතිතුමා කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්න කියලා මම ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත්, මාව අත්අඩංගුවට ගත්තත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය සහ සිතීමේ නිදහස වෙනුවෙන් ජනාධිපතිතුමා නොකළොත් ලබන සඳුදා අපි මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරනවා.’

lankacnews වෙබ් අඩවිය ඇසුරිණි

SendShareShare
Previous Post

මිනිස්සු ගෙදර යවන්න කලින්ම 58කට වැඩිය පරාදයි! Sri Lanka Latest News

Next Post

ගම්මන්පිල අද හෙළිකරන්න යන පාස්කු වාර්තා දෙක ගැන මුල්වරට ජනාධිපති අනුර රටට හෙළිකරයි! ‘ඔව්.. එහෙම වාර්තා දෙකක් තියෙනවා..! ඒවා දීපු තැන් මෙන්න..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.