ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවු නිර්දේශ, චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට සුදානම් බව ගුරු – විදුහල්පති වෘත්තිය සංගම් පවසති.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කරන්නේ,
“අපිට ලැබුණු තොරතුරු අනුව, ඒ වැටුප් ක්‍රමවේදය අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර 2022 සිට හෝ ක්‍රියාත්මක කරනවා කියලා කිසිම තැනක ඇත්තේ නෑ. ඒක 2022 සිට ක්‍රියාත්මක කරන්න අනුමැතිය දෙනවයි කියලවත් ඇත්තේ නෑ. ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා කියන එක විතරයි තියෙන්නේ. අපි පැහැදිලිව කියන්නේ මේ අමාත්‍ය අනුකමිටු වාර්තාවේ නිර්දේශිත, අමාත්‍ය මණ්ඩලය අනුමත කළා යැයි කියන මේ වැටුප් ව්‍යුහයන් සහිත ක්‍රමය දින වකවාණු සහිතව චක්‍රලේඛයක් මගින් නිකුත් කරන්න. පසුදා අපි සේවයට ගොස් අතපසු වූ වැඩත් සමග සම්පූර්ණ කරලා ළමයින්ගේ අධ්‍යාපනය නගාසිටුවන්නම්.”









