අද පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි සම්මාන ප්‍රදානෝත්සවයේදී සරසවි සිසුන් වත්මන් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ සම්මාන සහතික උපකුලපතිවරයාගේ අතින් ලබා ගෙන ඇති සිසුන් ආනන්ද හිමියන්ගේ අතින් අදාළ සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.
අදාළ පත්වීම දේශපාලන පත්වීමක් වීම හේතුකොටගෙන මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කොට ඇති බවද දැනගන්නට තිබේ.










