ඇෆ්ගනිස්තානය සමග සබදතා ගොඩ නගා ගැනීමට තමන් සූදානම් බව චීනය ප‍්‍රකාශයට පත් කර තිබේ.
චීනය මේ බව පවසා ඇත්තේ, තලේබාන් සටන්කාමීන්, ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම අත්පත්කර ගැනීමෙන් පසුවය.
ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය හැර යාමත් සමගම, තලේබාන් සංවිධානය සමග නිළ නොවන සබදතා තහවුරු කර ගැනීමට චීන රජය උත්සාහ දරා තිබුණි.
චීනය, ඇෆ්ගනිස්ථානය සමග, සැතපුම් 47 ක දේශ සීමාවක් බෙදා ගනී.
ඇෆ්ගනිස්ථාන සහ චීන දේශ සීමා ආසන්නයේ චීනයට අයත් ෂිංජියෑන් ප‍්‍රාන්තය පිහිටා ඇති අතර, එහි උයිගර් යන නමින් හදුන්වන බෙදුම්වාදීන් – චීනයට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් සිටියි.
උයිගර් බෙදුම්වාදීන්ගේ කි‍්‍රයාකාරකම් සදහා ඇෆ්ගනිස්ථානය තෝතැන්නක් වනු ඇතැයි චීනය බියෙන් පසු වේ.
නමුත්, චීනයට එරෙහි බෙදුම්වාදීන්ට සිය රට තුළ සිට කි‍්‍රයාත්මක වීමට ඉඩ නොදෙන බව, තලේබාන් සන්විධානය, චීන විදේශ අමාත්‍යවරයාට පොරොන්දු වී තිබේ.
ඊට ප‍්‍රති උපකාර ලෙස, ඇෆ්ගනිස්ථානය ගොඩ නැගීමට අවශ්‍ය ආර්ථික ආධාර සහ ආයෝජන ලබා දීමට චීනය පොරොන්දු වී තිබේ.
කාබුල් නුවර පිහිටි ඇමරිකානු තානාපතිකාර්යාලය ඇතුළු බොහෝ තානාපති කාර්යාල මේ වනවිට වසා දමා ඇතත්, චීන තානාපති කාර්යාලය තවමත් කි‍්‍රයාත්මක වන බව වාර්තා වේ.










