ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යම පළාත් සර්ව ආගමික නායකයන්ගේ එකමුතුවේ විධායක කමිටු සම්මේලනය ඊයේ (11) උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ චෝගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. Sri Lanka Latest News
මෙම වැඩසටහන සඳහා නුවරඑළිය මහනුවර මාතලේ යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් බෞද්ධ හින්දු ඉස්ලාම් හා කතෝලික ආගම්වල ආගමික නායකවරුන් තිස් දෙදෙනෙකු සහභාගි වී සිටියහ ,
මෙහිදී පසුගිය වසර කිහිපය තුළ ආගමික සංහිඳියාව පිළිබඳව සිදුකළ ක්‍රියාකාරකම් හා වැඩසටහන් පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් සිදුකල අතර 2026 වසරේදී මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සර්ව ආගමික වැඩසටහන් හා ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පිළිබඳ සර්ව ආගමික නායකවරුන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය ,
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණ ,
මෙම වැඩසටහනේ ආරාධිතයන් වශයෙන් නුවරඑළිය ලේකම් දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මිය දිස්ත්‍රික් ලේකම් පාලන දිනිකා කවිසේකර මහත්මිය ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකා නිරෝෂා ඇන්ටනී මහත්මිය නුවරඑළිය හා මධ්‍යම පළාත් සම්බන්ධීකාරක ඉරේෂා උදානි මහත්මිය ඇතුළු ආගමික කටයුතු සමායෝජක නිලධාරිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ .

















