රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු බවත් IMF එකඟතා රාමුවක් තුළ රජය පූර්ණ ලෙසම ආර්ථිකය මෙහෙයවන බව පැවසුවත් බාහිර හා අභ්‍යන්තර ආර්ථික හා දේශපාලන විචනයන් හමුවේ වඩා අවදානම් සහිත වෙනස් වීම් පෙන්වන අප රටේ ආර්ථික පීඩනය වඩාත් දැනෙන්නේ සාමාන්‍ය ජනතාවට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය මත පදනම්වන බව රජය පිළිගන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වර්තමානයේ ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මෙවලම් ඉදිරිපත් කරන ලෙසත් එහි ඉලක්ක සහ එම ඉලක්ක කරා ළගා වීමට වගකීමක් ඇති ආයතන ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මුදල් කමිටුවේදී අහිමි වූ ඩොලර් මි. 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි පරස්පර කතා කියන්නේ ඇයි?
ඊයේ මුදල් කමිටුව රැස් වූ අවස්ථාවේ දී රටට අහිමි වූ ඇ. ඩොලර් ලක්ෂ 25 සිදුවීම සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහ බැංකුව සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන භාණ්ඩාගාරය අතර බරපතල අර්බුධයක් ඇති වූ බවත් රජයේ මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති යම්කිසි ඒකාග්‍රතාවකින් ක්‍රියාත්මක විය යුතු මොහොතක මහබැංකුව මහා භාණ්ඩාගාරයේ අර්ථකථන සහ මහා භාණ්ඩාගාරය මහ බැංකුවේ අර්ථකථන ප්‍රතික්ෂේප කරන බවත් මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් නොවිය යුතු බවත් එය රටේ ආර්ථික ප්‍රතිපත්තියට බරපතල හානියක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අහිමි වූ ඇ. ඩො. මි. 2.5 ගැන භාණ්ඩාගාර වාර්තාව සභාගත කරන්න
එසේම ඇ. ඩොලර් ලක්ෂ 25 අහිමි වීම සම්බන්ධ භාණ්ඩාගාරය ලබා දුන් වාර්තාව සභාගත නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන්න
IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ සෙසු ජාත්‍යන්තර ආයතන අතර ඇති එකගතා මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලපා ඇති ආකාරය ඉදිරිපත් කරන ලෙසත් ප්‍රාථමික ශේෂය රාජ්‍ය ආදායම් ඉලක්ක ගැන අසන්න ලැබෙන නිසා මේ කරුණු සමඟ මෙය බද්ධවන ආකාරය ඉදිරිපත් කරන ලෙසත් රටේ ආර්ථික ස්ථායිභාවය සහ වර්ධනය සදහා මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති වෙන් වෙන් වශයෙන් හා අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
රජයේ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිසා ජනතාවට වූ බලපෑම ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන්න
වර්තමානයේ සාර්ථක මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන බාධා අවධානම් හා ව්‍යුහාත්මක ගැටලු ඉදිරිපත් කරන ලෙසත් එම අවදානම් අවම කර ආර්ථික ස්ථායිභාවය තහවුරු කිරීමට රජය ගෙන ඇති හෝ ගෙන යාමට අපේක්ෂිත ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් පසුගිය වසර 2 තුළ රජය අනුගමනය කළ මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය, විනිමය අනුපාතය, පොලි අනුපාතය, ආයෝජන, රැකියා හා ජන ජිවිතයේ වියදම් මත ඇති වූ ප්‍රතිඵල ගැන රජයේ ඇගයීමක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
කොහොමද රු. 17000කින් මාසයක් ජිවත් වෙන්නේ?
අප්‍රේල් මාසයේ එක් පුද්ගලයකුට දින 30ක් ජිවත් වීමට රු.17000ක් ප්‍රමාණවත් බවට රජය පවසන බවත් රු. 17000කින් පුද්ගලයකුට දින 30ක් ආහාර හා ආහාර නොවන වියදම් ආවරණය කර ගත හැකි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආර්ථික පීඩනය අවම කරන්න රජය ගෙන ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න
බදු බර ඉහළ යාම,රාජ්‍ය වියදම් සීමා කිරීම සහ පොලි අනුපාත ප්‍රතිපත්ති නිසා මධ්‍යම පන්තිය, වෘත්තීයවේදීන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර, ගොවියන්, ධීවරයන්, අඩුආදායම්ලාභීන් මුහුණ දෙන ආර්ථික පීඩනය අවම කිරිමට ගෙන ඇති විශේෂිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රි ලංකාවේ මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තු අධීක්ෂණය සහ මහජන වගකීම තවදුරටත් ශක්තිමත් කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










