වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක ප්‍රකාශ කළා. Sri Lanka Latest News
පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බවට බොහෝ පිරිස් ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළා.
එම නිසා පොල්තෙල් නමින් වෙළෙඳපොළට නිකුත් කරන තෙල්වල, නිෂ්පාදකයා මෙන්ම ඇතුළත් විය යුතු සියලු කරුණු ඇතුළත් කර ඇසුරුම් සහිතව වෙළෙඳපොළට නිකුත් කළයුතු බවයි ඔහු පැවසුවේ.
මෙම තත්ත්වයට අනුගතවීමට මාස කිහිපයක් ලබාදී ඉන් අනතුරුව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.
පොල්තෙල් නමින් කලවම් කරන ලද තෙල් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළා.










