ඩොලර් සපයා ගැනීමේ බරපතළ අර්බූදයක් පවතින බවත්, ඒ හේතුවෙන් ඉන්ධන, ගෑස් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමේ අර්බූදයක් පවතින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හේතුවෙන් ඉදිරි මාස 3ක කාලය තුළ විදේශ විනිමය සපයා ගැනීම බරපතළ අසීරු කාර්යයක් බවට පත්ව ඇති බවකි.










