ජීවන වියදම ඉහළ ගොස් ඇති හෙයින් තමන්ට ද ජීවත් වීමට අපහසු බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) සූරියවැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ගැබිණි මව්වරුන් සඳහා සිය පුද්ගලික වියදමින් වියළි ආහාර ලබාදීමේ අවස්ථාවකට එක් වෙමිනි.
එහිදී අදහස් පළකළ ඇමැතිවරයා මෙසේ සඳහන් කර සිටියා.
‘දුප්පත් මිනිහා පොඩි මිනිහා කියලා එකක් නෑ. අද තියෙන මේ තත්ත්වය අපි හැමෝටම දැනෙනවා. හැමෝටම දරාගන්න අමාරුයි. මේ තියෙන තත්ත්වය එක කට්ටියකට හොඳයි. තව කට්ටියකට හොඳ නෑ කියන්න බෑ.’
‘ඒ නිසා ඇතිවී තියෙන තත්ත්වයට ප්‍රදේශයේ නිලධාරීන්ට හෝ දේශපාලඥයන්ට බැනලා වැඩක් නෑ. මේ වෙලාවේ කළ යුත්තේ මේකට වගකියන්න ඕනි අය සොය සොයා ඉන්න එක නෙමේ. අපි කවුරුත් එකට එකතු වෙලා මේ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කිරිමයි.’
‘ආහාර ඌණතා බහුතරයකට තියෙනවා. මේ බඩු මිල උහුලා ගන්න බහුතරයකට බෑ කියලා අපි දන්නවා. ඒ නිසා තමයි අපිත් අපිට පුළුවන් විදියට ජනතාව වෙනුවෙන් මේ විදියේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.‘
‘අපි දන්නවා මේ වෙලාවේ ආණ්ඩුවේ ඉන්න එක ලේසි නෑ කියලා. අපි දේශපාලඥයෝ විදියට කරන්න ඕනේ තියෙන කුමක් හෝ ආණ්ඩුවක් එක්ක එකතු වෙලා මේ අසරණ ජනතාවට සේවයක් කිරිමයි. හැමදාම විපක්ෂයේ ඉදගෙන කෑගැසීම අදට ගැළපෙන්නේ නෑ.‘
lankasara










