තෙල් මිල ප්‍රශ්නයත් සමග ආණ්ඩුවේ සිටින කුඩා පක්ෂ බරපතළ පීඩනයකට මුහුණ දී සිටින බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.
අද (20) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා පැවසූවේ ගම්මන්පිල ඇමැතිවරයාට දොස් පැවරීම සහ වීරවංශ මහතාගේ විෂයයක් ඉවත් කිරීම පිළිගත නොහැකි යැයි කියාය.
තෙල් මිල අඩු කිරීමේ ක්‍රමය දන්නවා නම් බැසිල් රාජපක්ෂ මහතා බව ප්‍රකාශ කළ යුතු බවද ඒ මහතා කීය.
“සන්ධානය ඇතුළේ කුඩා පක්ෂ හැටියට අපිට මුහුණ දෙන්න වෙන යම් යම් පීඩනයන් තියෙනවා. එකක් තමයි ගම්මන්පිල ඇමතිතුමාට කරපු දෝෂාරෝපණය. ඊළඟට විමල් වීරවංශ ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ එතුමා වැඩිදියුණු කරපු අංශයක් වෙන් කිරීම ඒ වගේම පීඩනයක්.”










