අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමග චීන සංචාරයක නිරතව සිටින අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දිනෙක ගුවන්ෂි පළාතේ ඩ්‍රැගන්ෆෘට් යවගා බිමක් නිරීක්ෂණයටද ගොස් තිබිණ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට පැමිනීමෙන් පසු, දිළිඳු භාවය තුරන් කිරීම සඳහා විශේෂ දායකත්වයක් දක්වා ඇති ගුවන්ෂි ප්‍රාන්තයට පැමිණීමට අවස්ථාවක් ලැබුනි …!
ගුවන්ෂි ප්‍රාන්තයේ පළතුරු වගා ප්‍රදේශයක පිහිටා ඇති ගුවන්ෂි ජින්ෂු කෘෂි සමාගම නිරීක්ෂණය කිරීමට අපට එහි දී හැකිවිය …!
මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර 3.6 ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යන අතර එම කෘෂිකාර්මික ප්‍රදේශය ආශිතව ගෘහ ඒකක 10907 ක් පවතින අතර එහි 42675 ක පමණ ජනතාවක් ප්‍රතිලාභ ලබමින් ජීවත් වෙයි …! මෙහි විශේෂත්වය වන්නේ ” ඩ්‍රැගන් ෆෘට් ” වගාව ආශ්‍රිතව රැකියා කරන ගෘහ ඒකක වල වාර්ශික ආදායම සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ඉහල යෑමයි …! ඒ හරහා ගුවන්ෂි ප්‍රාන්තයේ දිළිදුකම පිටු දැකීමේ ක්‍රියාවලියට මෙම වගාවන් විශාල දායකත්වයක් ලබා දෙන බවද අප සමඟ ප්‍රකාශ කල හ ….!
වගාවේ පලදාව වැඩිකර ගැනීම වෙනුවෙන් යොදා ගන්නා තාක්ෂණික උපක්‍රම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්චා කෙරුනි …! මෙවැනි සමාගම් ආශිතව රැකියාවල නියුතු ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් රජය ප්‍රතිපත්ති සම්පාදනය කොට ඇති වගත් රජය විසින් සමාගම් වෙත හඳුන්වා දී ඇති රෙගුලාසි අනූව කටයුතු කරමින්, සමාගම් ලාභ ලබන වගත් ඒ හරහා ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරමින් ඉන්නා බවත් අප සමඟ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය …!
















