• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් මුට්ටිය බිඳීද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

November 8, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

බැසිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව හැදුවේ ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වෙලා තිබුණු අවස්ථාවකය. ඒ වෙලාවේ මහින්දටවත්, යූ.ඇන්.පී. විරෝධී බලවේගවලටත් දේශපාලනය කරන්න පක්ෂයක් තිබුණේ නැත. යූ.ඇන්.පී.යට එරෙහිව බණ්ඩාරනායක යූ.එන්.පී.යේ ඉඳන් එළියට බැස බිහිකළ ශ්‍රීලනිපය ඒ වෙලාවේ සිටියේ යූ.ඇන්.පී.යත් එක්ක එකගෙයි දීග කමිනි. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රීලනිපය, යූ.ඇන්.පී.ය එක්ක එකතු වී යහපාලන ආණ්ඩුව නමින් බෝඩ් ලෑල්ලක් අටවාගෙන ජාතික ආණ්ඩුවක් කරද්දී යූ.ඇන්.පී. විරෝධී බලවේග සිටියේ කරන්න කිසිම දෙයක් නැතිව යන්න එන්න තැනක් නැතිව නන්නත්තාර වෙලාය.

යූ.ඇන්.පී.යයි, ශ්‍රීලනිපයයි දෙකම හිටියේ ඒ වෙලාවේ රාජපක්ෂවරුන් ඉවර කරන ගේම් එකේය. දෙගොල්ලන්ගේම පොදු සතුරා බවට ඒ වෙලාවේ පත්ව සිටියේ වෙන කවුරුවත් නොව රාජපක්ෂවරුන්ය. රාජපක්ෂලා දඬුකඳේ ගහන්න යූ.ඇන්.පී.-ශ්‍රීලනිප ජාතික ආණ්ඩුව රාජපක්ෂ දඩයම ක්‍රියාත්මක කර තිබීම හේතුවෙන් යූ.ඇන්.පී. විරෝධී බලවේග සිටියේ තක්කු මුක්කු වෙලාය. මොකද ඒ වෙලාවේ රාජපක්ෂවරුන් සිටියේ ජාතික ආණ්ඩුවකට එරෙහි ස්ථාවරයක. ඒ නිසා රාජපක්ෂ නම ගෑවුණු සියලු දෙනාම හිරේ විලංගුවේ දමා ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කර නිහඬ කරගැනීම යූ.ඇන්.පී.ය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ සැලසුම වී තිබිණි.

අනෙක ඒ වෙද්දී ජාතික ආණ්ඩුවක් තිබුණේ ඉතාම ශක්තිමත් තැනකය. යූ.ඇන්.පී., ශ්‍රීලනිප පක්ෂ දෙක මදිවාට සියලු සුළු ජාතික පක්ෂවල සහාය ඒ වෙලාවේ ලැබී තිබුණේ ජාතික ආණ්ඩුවටය. හකීම්ලා, රිෂාඩ්ලා සිටියේ කැබිනට් ඇමැති ධුරවලය. කොටින්ම කියනවා නම් මන්ත්‍රීවරු හැට ගානක් සිටි ‘ඒකාබද්ධ විපක්ෂය’ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය පෙන්වා විපක්ෂ නායකකම ඉල්ලා සිටියද, රනිල්ලා – මෛත්‍රිලා ඒක දුන්නේ නැත. ඔවුන් එහිදී ගෙනා තර්කය වුණේ මහින්දලා ශ්‍රීලනිපය සමග මැතිවරණයකට ඉදිරිපත් වූ බැවින් ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් පෙනී සිටින කණ්ඩායම පිළිගන්නට බෑ කියාය. ඒ නිසා විපක්ෂ නායකකම ලබාදුන්නේ මන්ත්‍රීවරුන් 16ක් පමණක් සිටින දෙමළ ජාතික සන්ධානයටය. ආණ්ඩුවේ ආශීර්වාදයෙන් දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායකකම කළ බැවින් ඔවුන් විපක්ෂයේ සිටිනවාට වඩා සිටියේ ආණ්ඩු පක්ෂයත් එක්කය. ආණ්ඩුව කරන සෑම දෙයකදීම හරි හෝ වේවා වැරැදි හෝ වේවා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට අත ඉස්සුවේය. අනෙක යුද්ධය ඉවර කර එල්.ටී.ටී.ඊ.ය පරාජයට පත් කළ බැවින් දෙමළ ජාතික සන්ධානයටද මහින්ද ප්‍රමුඛ රාජපක්ෂලා සමග වෙන ‘ඇරියස්’ එකක් තිබිණි. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයද යටින් ආණ්ඩුව සමග එක්ව රාජපක්ෂලා හිරේ විලංගුවේ දමන ගේම් එකට සහාය ලබාදෙමින් සිටියේය. ඒ නිසා යහපාලන ආණ්ඩුවට ඒ වෙලාවේ තුනෙන් දෙකකට අධික බලයක් පාර්ලිමේන්තුවේදී නිර්මාණය වී තිබිණි.

බැසිල් පොහොට්ටුව හැදුවේ එවැනි දේශපාලන පරිසරයකය. බැසිල්ගේ අරමුණ වී තිබුණේ ශ්‍රීලනිපය, යූ.ඇන්.පී.යත් එක්ක එකගෙයි දීග කන බැවින් යූ.ඇන්.පී. විරෝධී බලවේගවලට යන්න එන්න පුළුවන් තැනක් නිර්මාණය කිරීමය.

‘පුළුවන් නම් අලුත් පක්ෂ හදලා බලමු. අලුත් පක්ෂ හදන්න ආවොත් මේ අයව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා…’

සමහරු එදා ප්‍රසිද්ධියේම වේදිකාවලට නැග එහෙම කීහ.

‘කවදාවත් මේ රටේ පක්ෂ කඩාගෙන ගිහින් හදපු තුන්වැනි බලවේග සාර්ථක වුණේ නෑ. ඒ තුන්වැනි බලවේග විනාශ වුණා විතරක් නෙවෙයි ඒවා හදන්න මුල්වුණු අයත් විනාශ වුණා. ලලිත්-ගාමිණීලා අලියාගේ ඉඳලා එළියට බැහැලා රාජාලියා හැදුවා. අන්තිමට රාජාලියා විතරක් නෙවෙයි ලලිත් ගාමිණීලත් විනාශ වෙලා ගියා. මේ අයටත් වෙන්නේ ඒ ටික…’

සමහරු එහෙමත් කීහ.

‘රාජපක්ෂලාගේ ඔය තුන්වැනි බලවේගය මේ රටේ තුන්වැනි තැනට තමයි ඡන්දෙකදි වැටෙන්නේ…’

දේශපාලන විචාරකයන් යැයි කියාගත් පිරිස් කීවේ එහෙම කතාවකි.

හැබැයි මේ සියලු කතා කටකතා කරමින් තමන් මුහුණ දුන් පළමු ඡන්දයේදීම විස්මිත ජයග්‍රහණයක් කරා පක්ෂය මෙහෙයවීමට පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල් සමත් විය. එහිදී ලංකාවේ පුංචි ඡන්ද ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටි ආණ්ඩුවක් පරාජයට පත්කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා පක්ෂය මෙහෙයවීමට බැසිල් කටයුතු කළේය. ඒ වෙලාවේ බැසිල් ඇත්තටම පෙන්නුවේ මැජික් එකකි. ඒ මැජික් එකෙන් යහපාලන ආණ්ඩුවේ පාදම බිඳ දමන්නට බැසිල්ට හැකි විය.

එදා වගේම අදත් බැසිල්ට මුදල් ඇමැතිකම ලැබී ඇත්තේ ඉතා දුෂ්කර අවස්ථාවකදීය. කොටින්ම කියනවා නම් එදා බැසිල් පොහොට්ටුව හදද්දී තිබ්බ වාතාවරණයට වඩා දසදහස් ගුණයකින් ඉහළ අතිභයානක දේශපාලන වාතාවරණයක් අද රටේ මතුව තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අද රටේ සියලු ක්ෂේත්‍ර අකර්මණ්‍ය වී ගොස්ය. බඩු මිල දිනෙන් දිනම අහසට නඟින ආකාරයක් රට ඇතුළේ නිර්මාණය වී තිබේ. රට ඇත්තේ පසුගිය කාලයේ ගත් ණය ගෙවාගැනීමට පවා නොහැකි ආර්ථික තත්ත්වයකය. උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වන ආහාර හා ඉන්ධන පවා මිලදී ගැනීම ඇත්තේ වැට උඩය. ඒ අස්සේ ඇතැම් රටවල් රාජ්‍ය බැංකු බ්ලැක් ලිස්ට් කරමින් පවතී. මහා භාණ්ඩාගාරය ඇත්තේ ඉඩෝර කාලයේ පතුල පෙනෙන ළිඳක් බවට පත්වය. ඉතින් එහෙම වෙලාවක මුදල් ඇමැතිවරයකුට ජනතා හිතවාදී සුබසාධන අයවැයක් ගේනවා කියන්නේම දැළි පිහියෙන් කිරි කනවා වගේ ඉතා අසීරු කටයුත්තකි.

‘මේ වෙලාවෙ මුදල් ඇමැතිකම ගන්න බැසිල්ට පිස්සුද?’

බැසිල් මුදල් ඇමැතිකම ගනිද්දී ආණ්ඩුවේම සමහරු එහෙම කීහ.

‘බැසිල් කරගත්තේ මෝඩ වැඩක්. ආණ්ඩුවට සම්බන්ධ නොවී හිටියා නම් ඉවරයි…’

ඒ වෙලාවෙ තව සමහරු එහෙමත් කීහ.
හැබැයි ඒ කිසිම කතාවකින් බැසිල් වැටුණේ නැත. එදා අලුත් පක්ෂ හදද්දී පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කියා සමහරු කියද්දී බැසිල් නිහඬවම පොහොට්ටුව හැදුවා සේ මේ වෙලාවෙදිත් විපක්ෂය වටකරනෙ ගහද්දී බැසිල් නිහඬවම අයවැය සකස් කළේය. ලබන 12 වැනිදා බැසිල්ගේ ඒ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

‘පොහොට්ටුව හදලා ලංකාව ඇතුළේ දේශපාලන විප්ලවයක් කළා වගේ පළමු අයවැයෙන්ම බැසිල් ලංකාව ඇතුළේ ආර්ථික විප්ලවයක් කරයිද?’

බැසිල් කියන්නේ කොහොමත් සාම්ප්‍රදායික දේශපාලනයේ ගමන් නොකරන මැජික්කාරයෙකි. ඒ නිසා තවත් පාරක් මැජික් එකක් පෙන්වන්න බැසිල්ට අයවැයෙන් අවස්ථාව ලැබී තිබේ. පොහොට්ටුව හදා එදා රටම හොල්ලන මැජික් එකක් පෙන්නුවා සේ මෙවරත් බැසිල් අයවැය හරහා රටම හොල්ලන විදිය බලන්න තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

අක්කර ගණන් කැලෑ කපන රටේ මහරැජින දුන් ඝන කැලෑවක් පණ වගේ ආරක්ෂා කරන මීරිගම වන රැජින! (VIDEO)

Next Post

විමල් රටින් පිටවෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.