ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධ කරන විමර්ශන කටයුතු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය කනස්සල්ල පළකර තිබේ.
නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යොමු කරමින් නීතීඥ සංගමය මේ බව ප්‍රකාශ කර ඇති බව පැවසේ.
ගෝඨා ගෝ ගම මැර ප්‍රහාරයට සති තුනකටත් වඩා වැඩි කාලයක් ගතව තිබේ.
ප්‍රහාරය මෙහෙයවූවේ කවුද යන්නත්, ප්‍රහාරය වැලැක්වීමට කටයුතු නොකළ ඉහළ පොලිස් නිළධාරීන් කවුද යන්නත් පැහැදිලිව දක්නට තිබියදීත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් නොපෙනෙන බව නීතීඥ සංගමය සිය ලිපියෙන් නීතිපතිවරයාට පෙන්වා දී තිබේ.
නීතිපති ලබා දී තිබෙන උපදෙස් පිලිපැදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව පෙනී යන බව සදහන් කර තිබෙන නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසත්, අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාවලිය සහ ඊට අදාල ආයතන කෙරෙහි ජනතා විශ්වාසය පළුදු නොවන බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නීතිපතිගෙන් ඉල්ලා සිටියි.










