ආරාධිතයන්ගේ විස්සයි විස්ස ලීග් තරගාවලියේ වීරයා ලෙස තමන්ට ලැබුණු මුදල කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක සඳහන් කරයි.
රටේ තත්ත්වය පිළිබඳව ඇති අවබෝධය නිසා තමන්ට හිමිවූ සම්පූර්ණ මුදලම කලුබෝවිල රෝහලට පරිත්‍යාග කරන අතර කණ්ඩායමට ලැබුණු මුදලිනුත් කොටසක් ද ඒ සඳහා ලබා දෙන බව ඔහු සඳහන් කොට ඇත.
“ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව දැනුවත් කරලා තියෙන්නෙ කලුබෝවිල හොස්පිටල් එකේ Unit එකක් හදනවා කියලා ෆික්ස් වෙන්ටිලේටර් එකක් හයි කරන්න.ඒ වෙනුවෙන් තරගාවලියේ වීරයා විදියට මට ලැබුණ සම්පූර්ණ මුදලම පරිත්‍යාග කරනවා.ඒ වගේම අපේ කණ්ඩායමට ලැබුණු මුදලිනුත් මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා “ යැයි දසුන් පවසා ඇත.










