දෙහිවල රදවා සිටි ‘භානු’ ඇති දම්වැල් ලා රැගෙන ගිය බවත්, ඒ අයුරින්ම ‘ඉසිර’ අලි පැටවාත් රැගෙන යාමට සූදානම් කර ඇති බවත් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
නමුත් ඉසිර වෙනුවෙන් ජීවිතය පුදා හෝ සටන් කිරීමට සූදානම් බව උන්වහන්සේ සදහන් කර සිටියහ.
එදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම අපල දුරු කර ගැනීමට යැයි කියමින් ඉසිර අලි පැටවා කතරගමට පූජා කිරීමට සූදානමින් සිටි බවත්, එදාද සටන් කොට අලි පැටවා ආරක්ෂා කරගත් බවත් උන්වහන්සේ කීහ.










