රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසනවා. (Sri Lanka Latest News)
මෙම පුද්ගලයා රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ලබාදී වැල්ලව ප්‍රදේශයේ වෙළෙඳසලකින් භාණ්ඩ මිලදීගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කළ පැමිණිල්ලකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් දහසේ තවත් ව්‍යාජ මුදල් නෝට්ටු 16ක් පොලිසියට හමුවී ඇති අතර, වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් අනුව වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
aruna










