ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිවද අධිකරණය හමුවට යාමට අපේක්ෂා කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
තමන්ට ලැබෙන තොරතුරු අනුව එහි ගැටලුකාරී තත්වයන් ඇති බව ඊයේ පැවති අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියහ.
ඒ සඳහා අධිකරණය හමුවට යාමට කණ්ඩායම් කිහිපයක් දැනටමත් සුදානම් කරමින් ඇති බවද උන්වහන්සේ සඳහන් කළේය.
මීට පෙර යුගදනවි ගිවිසුමට එරෙහිවද ඇල්ලේ හිමියන් අධිකරණය ඉදිරියට ගොස් තිබිණ.










