මැතිවරණය කල් දැමීමට පවතින උත්සාහයන්ට එරෙහිව විපක්ෂයේ සියලුම පක්ෂ අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ ප්‍රකාශනයකට අස්සන් තැබූහ.
පාර්ලිමේන්තු කමිටු අංක 8 පැවැති මෙම අවස්ථාවට සමගි ජන බලවේගය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ශ්වයන්, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ ඇතුලු සියලුම පාර්ශ්ව එක්ව සිටියහ.
කෙසේවෙතත් මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වී නොසිටීම විශේෂ සිදුවීමක් විය.
එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව වැන්නන්ද අද දිනයේදී මෙම පෙස්සමට අස්සන් කිරීම සදහා පාර්ලිමේන්තුවට පැමිණ සිටිනු දැකගත හැකි විය.
මෙම අවස්ථාවේදී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කොට ඇත්තේ ජවිපෙ නායක අනුර දිසානායක මහතා තමන්ට වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දුන් බවත්, මැතිවරණ කල් දැමීමට සිය පක්ෂයද විරෝධය පළ කරන බව දැනුම් දුන් බවත්ය.









