පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොරෝනාවලින් පස්සේ අපේ ව්‍යාපාර කඩන් වැටුණාම පරාටේ නීතිය යොදාගෙන අපේ ව්‍යාපාර අත්පත් කරගන්න බැංකු උත්සාහ කළා! ඒ වෙලාවේ අපේ පිහිටට ආවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා! එතුමා නිතරම අපිව මුණගැහුණා! පරාටේ නීතියෙන් ව්‍යාපාරිකයන්ට සහනයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේදී සටන් කළා! විදෙස් නියෝජිතයන් මුණගස්වා ආධාර ලබා දුන්නා! ඒ සියල්ලටම විපක්ෂනායකතුමාට අපි ස්තූති කරනවා! පරාටේ නීතිය ඉවත් කිරීමෙන් පසු ව්‍යවසායකයන් විපක්ෂනායක කාර්යාලයටම ඇවිත් සජිත්ට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර ගැනීම සදහා ගෙන ගිය සටන‌ වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ස්තූතිය පළ කරන බව එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමය සදහන් කරයි.Sri Lanka Latest News එහි සභාපති ටානියා විජේසුන්දර සහ ලාංකීය ව්‍යාපාර සංසදයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මහතා විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළහ.