• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊශ්‍රායලයට විරෝධය පළකළා කියා මාස 9ක් තිස්සේ ඇතුළේ තියාගෙන සිටි තරුණයා නිදොස් කොට නිදහස් කරයි! එයාට වෙච්ච අසාධාරණයට කව්ද වග කියන්නේ? Sri Lanka Latest News

September 18, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ඊශ්‍රායලයට විරෝධය පළකළා කියා මාස 9ක් තිස්සේ ඇතුළේ තියාගෙන සිටි තරුණයා නිදොස් කොට නිදහස් කරයි! එයාට වෙච්ච අසාධාරණයට කව්ද වග කියන්නේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි සැකකාර තරුණයා නිදොස් කර නිදහස් කිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය සැප්තැම්බර් 16 වැනිදා නියෝග කළාය.Sri Lanka Latest News

සැකකාර තරුණයාට එරෙහිව නඩුව තවදුරටත් පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපති උපදෙස් ලබා දී ඇතැයි දෙහිවල පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටීමත් නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් සැකකාර තරුණයා නිදොස් කර නිදහස් කරන ලෙසට සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටීමත් යන කරුණු පදනම් කර ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරන ලදි.

සැකකරු වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, වරුණ ජයසිංහ,අරුණි රණසිංහ, ඉල්හාම් හසනලි, යන නීතිඥවරු පෙනී සිටියහ.

මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 25 වන දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය අධිකරණයට දන්වා සිටියද මාස 9 කට අධික කාලයක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බවට දෙහිවල පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

සැකකාර තරුණයා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාලව කිසිදු අපරාධයක් අනාවරණය නොවූ බව පවසමින් සැකකාර තරුණයා ඇප මත මුදාහරින ලෙසට දෙහිවල පොලිසිය විසින් පසුගිය ජූලි මස 09 වන දින වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය දෙහිවල පොලිසියට දන්වා සිටියේ පසුගිය 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උද්ධෘත සකස් කර නීති කොට්ඨාසයට සහ නීතිපතිවරයා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව 2025 ජුලි මස 15 වන දින නැවත නඩුව කැඳවමින් සැකකාර තරුණයා භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී දෙහිවල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් විසින් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්නගේ අත්සනින් යුත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මෙම සැකකරුව ඇප මත මුදාහැරීමට උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් කරන ලදී.

එහෙයින් මහෙස්ත්‍රාත්වරිය සැකකාර තරුණයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත පසුගිය ජූලි මස 15 වන දින මුදාහැරීමට නියෝග කළාය.

‘කිසිදු වරදක් කර නැහැ’

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තරුණයා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව කිසිදු අපරාධයක් අනාවරණය නොවූ බව පවසමින් සැකකාර තරුණයා ඇප මත මුදාහරින ලෙසට දෙහිවල පොලිසිය ජූලි 09 වන දින වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මේ සම්බන්ධයෙන් 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උධෘත සකස් කර නීති කොට්ඨාසයට සහ නීතිපතිවරයා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිතුමාගේ උපදෙස්වලින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය දෙහිවල පොලිසියට පැවසීය.

සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය මින් පෙර අධිකරණයට දන්වා සිටි බවත්, මාස 9කට අධික කාලයකට පසුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බව පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියෙන් විමසීය.

ඒ අනුව, මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව සැකකරුට එරෙහිව කිසිදු අපරාධයක් අනාවරණය නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් නීති කොට්ඨාසය මගින් නීතිපතිවරයා දැනුවත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියට නියෝග කළ අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමන් කටයුතු කරන බව මහේස්ත්‍රාත්වරිය පැවසීය.

මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 25 වන දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

අත්අඩංගුවට ගැනීමට හේතුව

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගත් මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා මාස 9කට ආසන්න කාලයක් සිරගත කර සිටියේ ය.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ය.

ඒ, ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ බවට චෝදනා කරමිනි.

ඊශ්‍රායල් විරෝධී ස්ටිකර් ඇලවීම හේතුවෙන් මොහොම් රුෂ්ඩි නමැති තවත් තරුණයෙකු ද මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි අතර ඔහු මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබේ.

‘මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා’

2024 ඔක්තෝබර් මස 23 වන දා මොහොමඩ් සුහායිල් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, දෙහිවල ප්‍රදේශයේදී ය. ඒ, ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර නවාතැනක් සොයමින් සිටි අතරවාරයේදී ය. ජාතික හැඳුනුම්පත සන්තකයේ නොමැති බවට චෝදනා කරමින් ඔහු පොලිස් භාරයට ගෙන තිබූ බව ඔහුගේ පියා වන මොහොමඩ් රිෆායි බීබීසි සිංහල වෙත පැවසීය.

“පුතා කෝර්ස් එක කරන හින්දා ඉන්න රූම් එකක් හොයන්න දෙහිවලට ගියා. ඔක්තෝබර් 23 වෙනිදා හවස 3ට විතර මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා. ඊට පස්සේ මට කෝල් එකක් දුන්නා දෙහිවල පොලිසියෙන්. මම දෙහිවල පොලිසියට වට්ස්අප් එකෙන් යැව්වා පුතාගේ අයිඩෙන්ටිය. මට කිව්වා අවුලක් නෑ හවසට එන්න අවුලක් නැහැ පුතාව එක්කන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ 23 රෑ අයිඩෙන්ටිය අරගෙන ගියා ම කිව්වා ඕඅයිසී මහත්තයා අද නෑ උදේ තමයි යවන්න වෙන්නේ කියලා. ඔක්තෝබර් 24 උදේ මෙයාව ගල්කිස්ස උසාවියට දැම්මා. උසාවියට දැම්මා ම නිදොස් කොට නිදහස් කළා.”

අධිකරණයෙන් නිදහස් කළ දිනයේ ම නැවත අත්අඩංගුවට

එදින තම පුතු සමග රාත්‍රී 9ට පමණ මාවනැල්ලේ පිහිටි තම නිවසට එන විට දෙහිවල පොලිසිය තම පුත්‍රයාව අත්අඩංගුවට ගැනීමට පැමිණ සිටි බව මොහොමඩ් රිෆායි සඳහන් කළේ ය.

“මම ඇහුවා උසාවියෙන් නිදහස් කළා නේ, ඇයි ආවේ කියලා. මෙයාගේ කටඋත්තරයක් අරන් උදේ 6ට එවනවා කියලා කිව්වා. මම කිව්වා උසාවියෙන් නිදහස් කරපු කෙනෙක් එහෙම එක්කගෙන යන්න බෑනේ, මම කිව්වා මාවනැල්ල පොලිසියේ ඕඅයිසී ගාවට එක්කගෙන ගිහින් එහෙන් එක්කගෙන යමු කියලා. එහෙම ඕනේ නෑ මාවනැල්ල ඕඅයිසීට කෝල් එකක් දෙන්නම් කියලා දෙහිවල ඕඅයිසී කෝල් එකක් දුන්නා. ඊට පස්සේ මාවනැල්ල ඕඅයිසී කිව්වා පුතාව බය නැතුව යවන්න හෙට උදේ ම එවයි කියලා.”

ඔක්තෝබර් 24 වන දා සිය පුතු දෙහිවල පොලිසියට රැගෙන යාමෙන් පසු ඔක්තෝබර් 25 වන දා පුතා ආපසු රැගෙන ඒමට ගිය ද, පොලිසිය මොහොමඩ් සුහායිල් නිදහස් කර නොමැති අතර ඉන් දෙදිනකට පසු එනම් ඔක්තෝබර් 27 වන දා වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බව මෙහොමඩ් රිෆායි කියා සිටියේ ය.

බන්ධනාගාරගත කළ මොහොමඩ් රිෆායි නැවත ඉදිරිපත් කර ඇත්තේ, ඊට පෙර ඔහුව නිදහස් කරන ලද ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත ය. එදින අධිකරණයේ සිදුවු දේ ඔහුගේ පියා මෙලෙස විස්තර කළේ ය.

“ඒ විනිසුරුවරිය පොලිසියෙන් ඇහුවා මෙයාව මම නිදහස් කළේ ආයේ කොහොම ද ඇල්ලුවේ කියලා. පොලිසිය කිව්වා 25 ආයේ මෙයා දෙහිවල ඇවිල්ලා හිටියා දෙහිවලින් තමයි ඇල්ලුවේ කියලා බොරු කේස් එකක් දැම්මා.”

“ඒ ඔරොප්පුව තමයි දෙහිවල පොලිසියට තිබුණේ.”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මොහොමඩ් සුහායිල් දෙවන වරට දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊශ්‍රායල් ධජය පාගා ගෙන සිටින වීඩියෝවක් බෙදා ගැනීම හේතුවෙන් බව ඔහුගේ නීතිඥ ප්‍රතිභා ගීත්ම ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත පැවසීය.

ඊශ්‍රායල් තානාපති කාර්යාලයට අනුබද්ධව දෙහිවල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පැවසුව ද, ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාවනැල්ලේදී බව මොහොමඩ් සුහායිල්ගේ දෙමව්පියන් පවසන බවත් ඊට අදාළ වීඩියෝ ද ඔවුන් සතුව පවතින බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

“මෙයාව ගේනවා ඊට ඉස්සෙල්ලා AR රිපෝර්ට් එකකින් අයිඩෙන්ටිටි නැතුව දෙහිවල හිටියා සැකපිට අරන් ආවා කියලා. මම ඇප්ලිකේෂන් එකක් කළා දැන් අයිඩෙන්ටිය ගෙනාවා, කිසි ම වැරැද්දක් අනාවරණය වෙලා නැහැ කියලා. ඒ වෙලාවේ හිටපු විනිසුරුවරිය බැනලා එයාව රිලීස් කළා. ඇපයක්වත් දුන්නේ නැහැ, නඩු පවරන්න අදාළ නැහැ කියලා රිලීස් කළා. ඒ ඔරොප්පුව තමයි දෙහිවල පොලිසියට තිබුණේ.”

‘කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ’

දෙහිවල පොලිසිය මගින් මොහොමඩ් සුහායිල් සම්බන්ධව වරදක් අනාවරණය නොවන බවට වැඩිදුර වාර්තාවකින් අධිකරණයට දන්වා ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඇප ලබා දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් නීතිපති උපදෙස් ලැබෙන තුරු ඔහුව බන්ධනාගාරගත කර සිටින බවත් නීතිඥ ප්‍රතිභා ගීත්ම පැවසීය.

“මෙයාව දැනට කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ. පොලිසියත් මෙයා සම්බන්ධයෙන් කිසි ම කරුණක් අනාවරණය කරගෙන නැහැ දැනට. ඒ පනත යටතේ නඩු පැවරීම කියන පදනම මත උසාවියට ඇප දෙන්න විදියක් නැහැ. නීතිපති උපදෙස් එනකම් කියන කාරණාව මත තමයි රිමාන්ඩ් භාරයේ ඉන්නේ.”

පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?

දෙහිවල පිහිටි ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටියදී මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගත් බව මෙම සිදුවීම පිළිබඳව කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් මීට පෙර බීබීසි සිංහල සේවයට පැවසීය.

“මෙයා 2024 ඔක්තෝබර් 24 දින දෙහිවල ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. සැක කටයුතු ලෙස සිටිමේදී මෙයාව අත්අඩංගුවට අරන් තියෙනවා. වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරලා මෙයා පිළිබඳ විමර්ශන කරන අතරතුර 2025.07.09 වන දින නඩු නැවත කැඳවන්න නියමිත යි.”

මොහොමඩ් සුහායිල්හට කිසිදු චෝදනාවක් නොමැති බවට පොලිසිය අධිකරණයට වාර්තා කර ඇති දැයි බීබීසී සිංහල සේවය විමසීය.

“ඒක ගැන හෙට අධිකරණ කටයුත්තකින් පස්සේ තමයි මට ලැබෙන්නේ ඒ වාර්තාව. ඒක ලැබුණාට පස්සේ අධිකරණයෙන් එන මග පෙන්වීම හා තීරණය මත ඉදිරි විස්තර ලබා දෙන්න පුළුවන්,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මේ අතර, මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පසුගිය අප්‍රෙල් මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබී ය.

“අපි හියුමන් රයිට්ස් එකේ අයව ගිහිල්ලා හම්බ වෙලා පුතාව අරන් ගිය වීඩියෝ එහෙම දුන්නා. පැමිණිල්ල විභාග කරනවා කියලා මේ මාසේ 23 වැනිදා එන්න කියලා තියෙනවා,” මොහොමඩ් සුහායිල්ගේ පියා බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

ස්ටිකර් ඇලවූ මුස්ලිම් තරුණයා පිළිබඳ මානව හිමිකම් නිර්දේශ

මේ අතර, පලස්තීනයට සහය පළ කරමින් ඊශ්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොහොමඩ් රුෂ්ඩ් අත්අඩංගුවට ගැනීම හරහා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබිණි.

එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිටු 30ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් CTID අධ්‍යක්ෂ වෙත, පොලිස්පතිවරයා වෙත සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත වෙන වෙන ම නිර්දේශ ඉදිරිපත් කළේ ය.

එමෙන් ම, ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත නිර්දේශ කරන ලදී.

නීතිපතිවරයා සමග සාකච්ඡා කර, ත්‍රස්තවාදය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විට ‘සාධාරණ සැකයේ’ ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ සකසන ලෙස ද මානව හිමිකම් කොමිසම වැඩබලන පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සිය සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ත්‍රස්තවාදය වැළැක්විමේ පනත භාවිත කිරීම තාවකාලිකව නවතා දමන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ ය.

එමෙන් ම, එම පනත යොදා ගනිමින් දිගු කාලයක් තිස්සේ රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් කඩිනම් සමාලෝචනයකින් පසු නිදහස් කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේ ය.

බීබීසී සිංහල

SendShareShare
Previous Post

රස්සාවක් කළේ නෑලු! වසන්තගේ කෝටි 27ක වත්කම් අරගෙන සජබය අල්ලස් කොමිසමට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පුළුවන්නම් කරන්න! බැරි නම් යන්න..! ප්ලීස්..! තිත්ත වෙලා තියෙන්නේ..! මේ අන්තිම වෝනින් එක! බිමල්ට මලම පනී! නිලධාරීන්ගේ නම් කියලාම දොඹෙන් යන්න දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.