කිසියම් පිරිසකගේ මාරාන්තික ප්‍රහාරයකට ලක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර ඊයේ (26) රාත්‍රී 9.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුලත්කර ඇත. Sri Lanka Latest News
වෛද්‍ය සයුරු සමරසුන්දර පදිංචිව සිටින හෝකන්දර ”ඊඩින් ගර්ල්ඩ්” නිවාස සංකීර්ණයේ සිය නිවස ඉදිරිපිට බාදාකාරී වන ලෙස වාහනයක් නතර කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගෙන මෙම පහරදීම සිදුව ඇති බවද දැනගන්නට තිබේ.
ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ ඥාතියකු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
එම ප්‍රහාරයෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති අතර රෝහලට රැගෙන එනවිට අධිකලෙස රුධිරය වහනය වෙමින් තිබු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.










