කරන්දෙණිය රාජ්‍ය බැංකුවක් ඊයේ රාත්‍රී කොල්ල කා ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි. Sri Lanka Latest News
දෙදෙනෙකු විසින් බැංකු ශාඛාවේ ඉහළ මාලයේ ජනේලයක් බිද බැංකු ශාඛාවකට ඇතුලු වී ඇති බවත් අලවංගුවක් රැගෙන ගිය එක් අයෙක් එහි සේප්පුව බිදීමට උත්සහා කළ අවස්ථාවේදී එම බැංකු ශාඛාවේ ආරක්ෂිත සංඥාව ක්‍රියාත්මක වීමත් සමඟම සොරුන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
එම බැංකු ශාඛාවේ දොර ජනෙල්වල ආරක්ෂාවට දමා තිබූ ඉබ්බන් ද සොරුන් කඩා ඇති බව ද පොලීසිය කියයි.
බැංකු ශාඛාවකට ඇතුලු වූ සොරැන් සොරකම් කළ දෙයක් පිළිබදව තවම අනාවරණයවී නැති බව ද පොලීසිය කියයි.
කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. Sri Lanka Latest News









