බොහෝ දුරට දෙසැම්බර් මස අවසානයේ රට තුළ යම් සහල් හිගයක් ඇතිවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එබැවින් සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ADVERTISEMENT
මේවනවිට රට තුළ සහල් හිගයක් නොමැති බවත් යල කන්නයේ වී අස්වැන්න සහ ආනයනික සහල් තොග රට තුළ ඇති බවත් ඔහු පැවසුවා.
ඉකුත් ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05 කට වඩා ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.