ලෝකයේ ඉහළම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් දහය අතර ලංකාවට පස්වන ස්ථානය හිමිව ඇති බව ලෝක බැංකුව පවසයි.
අංක එක ලෙබනනයි.
දෙවන ස්ථානය සිම්බාව්වේ යි.
තුන්වන ස්ථානය වෙනිසියුලාවට හිමිවන අතර සිව්වන ස්ථාන තුර්කියට හිමිව තිබේ.
ලොව ඉහළම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් අතර පස්වන ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.
හයවන ස්ථානය ඉරානයටත් හත්වන ස්ථානය ආර්ජන්ටිනාවටත් අටවන ස්ථානය දකුණු ඇමරිකානු කලාපයට අයත් සුරිනාමයට හිමිවේ.
නමවන ස්ථානය ඉතියෝපියාවයි. දහවන තැන හිමිවන්නේ මෝල්ඩෝවා රාජ්‍යයටයි.










