මන්නාරමේ කීරි ප්‍රදේශයේ හටගත් ගින්නක් හේතුවෙන් තල් අක්කර දහයක් ඇතුළු තවත් අක්කර විසිපහක් පමණ ගින්නෙන් වී ගොස් තිබේ. (Sri Lanka Latest News)
ඊයේ (23) ඇති වූ ගින්න හේතුවෙන් තල් ගස් 600ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ගොස් ඇත.
මන්නාරමේ හදිසි ගිනි නිවන ඒකකයක් නොමැති නිසා නාවික හමුදා නිලධාරීන් ටැක්ටර්වලින් ජලය රැගෙන විත් ගින්න නිවාදමා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත. මන්නාරම පොලීසිය ප්‍රකාශ කරන්නේ මහා මාර්ගයේ ගිය කවරෙකු විසින් හෝ කැලයට ගිනි තැබීම නිසා මෙම ගින්න පැතිරෙන්නට ඇති බවය.
lankasara









