පානදුර ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර මට්ටමේ ඇගලුම් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලාවක සිදුවූවා යැයි කියන සිදුවීමකින් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විශාල සැකයක් මතු වී තිබේ. Sri Lanka Latest News
ඊයේ දිනයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව පැවසෙන අතර එහිදී 8 දෙනකු රෝහල්ගත කොට ඇති බව පැවසේ.
පානදුර රෝහලේදී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුවුවත් එහිදී අවාසනාවන්ත ලෙස තරුණ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති බවට විශාල සැකයක් ඇගළුම් කම්හල් සේවකයන්ට මතුව ඇති බව වාර්තා වේ.
ආහාර විසවීමකින් මෙම මරණ සිදුවන්නට ඇති බවට සැකයක් මතුවී ඇති අතර මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයා විවෘත තීන්දුවක් ලබා දී ඇති බවද රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පළමුව අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අතුල ක්‍රීෂාන්ත මහතා සදහන් කර සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත්, සියලු කටයුතු පානදුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට බාර දී ඇති බවත්ය.
මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතුව තිබුණද මෙතෙක් ඇගළුම් ආයතනය පැත්තෙන් ආහාර සපයන ආයතනයෙන් ඒ පිළිබද විමර්ශනයක් හෝ ඔවුන්ගෙන් කරුණු විමසීමක් හෝ එම ආයතනයෙන් ආහාර ගැනීම අත්හිටුවීමට පියවරක් හෝ ගෙන නොමැති අතර රෝහලෙන් හෝ වගකිවයුතු බලධාරීන් විසින් අදාළ ආහාර සපයන ආයතනයට එරෙහිව නියෝගයක් දී නොමැති බවක්ද දැනගන්නට ඇත.
එවැනි පසුබිමක් යටතේ අද දිනයේද ආහාර ගත් තවත් සිවු දෙනකු රෝහල්ගත කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
ඒ අනුව අප නැවත වතාවක් අධ්‍යක්ෂ වෛද්‍ය අතුල ක්‍රිෂාන්ත මහතාට දුරකතන ඇමතුමක් ලබා දීමට පියවර ගත්තද හෙතෙම දුරකතනයට පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට පිළිතුරු දුන් කාන්තාවක් ප්‍රකාශ කර සිටියේ අධ්‍යක්ෂවරයා කාර්යබහුල බවකි.
කෙසේවෙතත් මෙවැනි බරපතළ සිදුවීමක් සිදුව තිබියදීත් කිසිදු මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා කොට නොමැති අතර මාධ්‍ය මගින් මේ තත්ත්වය හෙළිදරව් වීම වැළැක්වීම සදහා සිය සබදතා උපයෝගී කොටගෙන ඇගලුම් කර්මාන්ත ශාලාව පැත්තෙන් දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බවද දැනගන්නට ඇත.
එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවද කිසිදු තොරතුරක් ලබා නොදීම සම්බන්ධයෙන්ද අප හට බරපතළ සැකයක් මතුව තිබේ.
නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් ආයතනයේ සේවකයන් අප වෙත තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා දෙමින් සිටීන අතර මෙම සති අන්ත මව්රට පුවත්පතේ සහ මව්රට නිව්ස් වෙබ් අඩවියේ ඒ පිළිබද විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට අප දැනටමත් සියලු කටයුතු සූදානම් කොට ඇත.










