• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාමුදුරු නමක්, අම්මා කෙනෙක්, ආදර පුතෙක්, දුක හිතෙන කතා තුනක්…

June 19, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
හාමුදුරු නමක්, අම්මා කෙනෙක්, ආදර පුතෙක්, දුක හිතෙන කතා තුනක්…
Share on WhatsAppShare on Facebook

පසුගිය කාල වකවානුව පුරාම අපට මාධ්‍ය මගින් අසන්නට දනින්නට ලැබුණේ විවිධ කනගාටුදායක පුවත්. මේ අතර ඉතා ශෝචනීය පුවත් කිහිපයක් පසුගිය සතියේ වාර්තා වුණා.

ආරණ්‍යවාසීව වැඩසිටිමින් පිඬුසිඟා වඩිද්දී සතුන්ට ඇටවූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ‌‌ස්වාමින්වහන්සේ නමක් අපවත් වූ පුවත ඒ සිදුවීම් අතරින් විශේෂ වුණා. එලෙස අපවත්වී තිබුණේ ගිහි කල ප්‍රදීප් සම්පත් ගුණරත්න නමින් හැඳින්වූ, පසුව 2019 වසරේදී පැවිදි දිවියට පත් හිමිනමක්. ගිහි කල දක්ෂ රංගන ශිල්පියකු වූ හෙතෙම රාජ්‍ය මුද්‍රා නාට්‍ය අළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන පවා දිනාගත් අයෙක්. පූජ්‍ය උඩුගම පද්මවංශ ස්වාමින්වහන්සේ ලෙස පැවිදි දිවියට පත්ව, නාඋයන ආරණ්‍ය සේනාසනයේ විසූ උන්වහන්සේ 31 හැවිරිදි වියේ පසුවූ අතර, එම සෙනසුනේ කඳු මුදුනක පිහිටි කුටියක භාවනානුයෝගීව වැඩසිට තිබෙනවා.

කීරවැල්ල හින්න රක්ෂිතයටය අයත් නාඋයන ආරණ්‍ය සේනාසනය මැදින් ගලායන ඇල සීමාවේ මෙම ස්වාමින්වහන්සේ බිම වැටී සිටින අයුරු තවත් හිමිනමක් දැක ඇත්තේ පසුගිය 12 වැනිදා උදෑසනයි. පද්මවංශ ස්වාමින්වහන්සේව උන්වහන්සේගේ සහෝදර ස්වාමින්වහන්සේලා අවසන් වරට දැක ඇත්තේ පසුගිය 10 වැනිදා සවස් යාමයේ බව පැවැසුණා. ආරණ්‍යයේ වැඩසිටින හිමිවරුන් ගම්මානයට පිඬුසිඟා වැඩම කර ලබාගත් දානය සෙනසුන මධ්‍යයේ සකසා ඇති ස්ථානයක සිට වලඳා නැවත තම කුටි වෙත වැඩම කරන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබුණා. දානය වැලඳීමෙන් පසු අසල ඇති ඇළ ආසන්නයට පද්මවංශ හිමියන් වැඩම කරන්නට ඇතැයි යන සැකයද පොලිසියට මතුව ඇති අතර, උන්වහන්සේ දිනපතා වඩින මාර්ගයේ නොගොස් කෙටි මාර්ගයක ගමන් කරද්දී මෙම අනතුර සිදුවන්නට ඇතැයිද පොලිසිය අනුමාන කරනවා. කෙසේ වෙතත් බඳින තුවක්කුවේ වෙඩි පහරට ලක්වී උන්වහන්සේගේ පාදවලට දැඩි හානි සිදුව තිබූ අතර, අධික ලෙස රුධිරය වහනවී තිබූ අයුරුද දැකගත හැකි වුණා.

අපවත් වූ ස්වාමින්වහන්සේගේ පියාණන් මෙම සිදුවීම පිළිබඳ මෙලෙස අදහස් දක්වා සිටියා.
‘අපවත් වී සිටින්නේ මගේ ලොකු පුතා. ඔහු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරා පසුව මුද්‍රා නාට්‍ය රංගනයට සම්බන්ධ වුණා. 2016 වසරේ රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළේලේදී හොඳම නළුවාට හිමි සම්මානය ඔහු දිනාගත්තා. 2019 වසරේදී තමයි ඔහු පැවිදි දිවියට එළැඹුණේ….’
මේ සිදුවීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත පන්සියගම පොලිස් පරීක්ෂක නිශාන්ත වෙදගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා. අනෙක් කනගාටුදායක පුවත ලෙස වාර්තා වුණේ දරුවන් සමග මහ පාරේ අපාදුක් විඳින අම්මා කෙනෙකු පිළිබඳවයි. දරුවෝ තුන්දෙනෙක් සමග මහ පාරට වැටුණු මේ මව, හම්බන්තොට නාගරවැව ගම්මානයේ පදිංචි 35 හැවිරිදි අයේෂා නමැති කාන්තාවක්. සැමියා ඇයව හැර ගොස් ඇත්තේ ඇයට තුන්වැනි දරුවා ලැබෙන්නට සිටියදීයි. එලෙස තම ස්වාමියා හැර යෑමෙන් පසු කිරි දරුවන් සමග ඇය ජීවත් වන්නේ අනේක දුක් විඳිමින්. කුරුලුවැව වනාන්තරයට ගොස් මුරුංගා කඩාගෙන විත් ඒවා විකුණා ලැබෙන සොච්චමින් තම දවසේ ආහාර වියදම සොයාගන්නට ඈ කටයුතු කර තිබුණා.

දරුවාට කිරි ටිකක් දෙන්නටවත් මේ අම්මාට පෝෂණයක් තිබුණේ නැහැ. කිරි ඉල්ලමින් හඬන දරුවා නලවාගන්නටවත් ඇයට හැකියාවක් නැහැ. ඇය මෙලෙස දුක් විඳින්නේ දවසක් දෙකක් නොව, අවුරුදු ගණනක් තිස්සේයි. අත දරුවා පෝෂණය කිරීමේ අභියෝගය සහ අනෙක් කුඩා දරුවන් දෙදෙනා පාසල් යැවීමේ ගැටලුවත් මේ අම්මාව පීඩාවට පත්කර තිබුණා.

තමන් මුහුණ දුන් දුක් ගැහැට ගැන ඇය මෙලෙස සඳහන් කළා.

‘අපි වේලක් කෑවොත් වේල් දෙකක් කන්න නැහැ. අපි ඉන්නේ බඩගින්නේ. හාල් ඇටයක් ගෙදර නැහැ. මේ මුරුංගා මිටිය විකුණගත්තොත් හාල් ගන්න පුළුවන්. පොඩි දරුවාට කිරි පැකට් එකක් ගන්නත් බැහැ. රුපියල් 20ට තිබුණු කිරි පැකට් එක දැන් 160ක් වෙලා. ළමයින්ට දෙන්න දෙයක් නැහැ. හැමදාම අපි මෙහෙම තමයි. පාරේ යන කාට හරි මේවා විකුණනවා. දරුවනුත් අරන් කැලේ ගිහින් තමයි මේ මුරුංගා කඩන්නේ. එහෙම නැති දවසට අම්බලන්තොට ටවුමෙ කඩවල් ගානේ ගිහින් කීයක් හරි හොයන් එනවා. එහෙම තමයි අපි ජීවත් වන්නේ.’

මුරුංගා මිටිය විකුණා ගන්න බැරි වුණොත් ඇයයි දරුවෝ තුන්දෙනයි කුසගින්නේ. මේ ජීවිත දැක්කාම අපේ ජීවිතවල තිබෙන්නේ මොන අඩුපාඩුවක්ද කියලා සිතෙන වාර අනන්තයි. පුළුවන් කෙනෙක් මේ අසරණිය වෙනුවෙන් යම් උපකාරයක් කරන්න ඉදිරිපත් වනවා නම් එය ඉතා වටිනා පින්කමක් බවත් කිව යුතුයි.

පසුගිය 07 වැනිදා තවත් කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ඒ, සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා අසාධ්‍යව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය දරුවකු ගැන පුවතයි. විනුක් තෙවුනාත් නමැති 16 හැවිරිදි සිසුවා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපන ලැබූ අතර, ඔහු පසුගියදා සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිට තිබුණා. ඔහු තම නිවෙස ඉදිරිපිට ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව අහුලාගැනීමට අසල වත්තකට ගොස් ඇති අතර, එහිදී පොළඟකු දෂ්ඨ කර ඇති බවත්, ඉන් පසුව ඔහුව කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙනගොස් ඇති බවත් වාර්තා වුණා. සිසුවාගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර, එහිදී ලබාදිය යුතු ඖෂධය සොයාගත නොහැකි වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් දරුවාගේ පියා පළ කළේ මෙවැනි අදහසක්.

‘සවස 4ට විතර දරුවන් වත්තේ සෙල්ලම් කරමින් සිටින වෙලාවෙ බෝලේ අල්ලපු වත්තට ගිහින් තිබුණා. ඒක ගන්න ගිය වෙලාවේ පුතාට සර්පයෙක් දෂ්ඨ කරලා, රෝහලට රැගෙන ගොස් හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කළා. ඊට පස්සේ මට රෝහලෙන් බෙහෙත් වගයක් ලියලා දුන්නා පිටින් ගේන්න කියලා. මම අනුරාධපුර නගරයේ තියෙන සියලු‍ ෆාමසිවලට ගිහින් ඒ බෙහෙත් හෙව්වත් තිබුණේ නැහැ. බෙහෙත් නැති නිසා තමයි මගේ දරුවාව බේරාගන්න බැරි වුණේ. මගේ දරුවා මේ රටේ එක ඩොලර් එකක්වත් හොරකම් කරලා නැහැ. අපිට නොමිලේ බෙහෙත් නැති වුණාට කමක් නැහැ. අඩු තරමින් සල්ලි දීලා හරි බෙහෙත් ටිකක් ගන්න බැරි රටක මගේ දරුවා ඉපදුණු එක ගැනයි මම කනගාටු වෙන්නේ. මම මේ සමාජය දැනුවත් කරනවා මේ ගැන. බල්ලෙක් සපාකෑවාම බෙහෙත් නැහැ, සර්පයෙක් දෂ්ඨ කළාම බෙහෙත් නැහැ, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිළිවෙතක් අනුගමනය කරන්න හැමෝම වගබලා ගන්න කියලා හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා…’

මේ වන විට රටේ පවතින ඖෂධ හිඟය ජනතාවට එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයක්. මේ නිසා සමස්ත රෝහල් පද්ධතියම දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව දිනෙන් දින වාර්තාවන සිදුවීම්වලින් පැහැදිලි වනවා. මේ නිසා රෝහල් පද්ධතියම කඩාවැටෙමින් පවතින බවත් කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුයි.

අපේ ජීවිත කොතරම් විශ්මයජනක නවාතැනක්ද කියලා මේ සිදුවීම් දෙස බලද්දී අපට දැනෙනවා. කලා ලොවේ දීප්තිමත් ගමනක් යමින් සිට ඒ සියල්ලේම අනියත බව වටහාගෙන පැවිදි වූ තරුණයෙක් වනගත සෙනසුනකදී අකාලයේ අපවත් වෙනවා.

ඒ වගේම ජීවිතයේ දිගු ගමණක් යන්නට සිටි පාසල් සිසුවෙකුටද අකාලයේ මියයන්නට සිදුවුණා.

පුංචි දරුවන් තුන්දෙනකු සමග තවත් මවක් ජීවිතය ගැටගසා ගන්න මහ පාරේ අනේක දුක්විඳිනවා. මේ සියලු‍ සිදුවීම්වලින් අප වටහාගත යුත්තේ අප පැමිණ සිටින්නේ තාවකාලික නවාතැනකට බව නොවේද? ජීවිතය යනු කුමක්දැයි අවබෝධ කරගෙන එකිනෙකාගේ ජීවිතවලට උපකාර කරමින් සසර ගමනෙන් එතෙර වන්නට අප සියලු දෙනාම උත්සාහ දැරිය යුතු බව මේ සියලු සිදුවීම්වලින් පැහැදිලි වන සත්‍යයයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ප්‍රවීණ නිළිය ලියෝනි අවසන් ගමන් යයි!

Next Post

මිනිස්සු ගෑස් නැතිව දුක් විඳිද්දී, ගෑස්වලින් ගහන මහා ගැහිල්ලක් ගැන-රනිල්, සාගල, අලුත් ලිට්රෝ සභාපති ගැන මහා හෙළිදරව්වක් කරයි! අහන්න පුදුම හිතෙනවා! (VIDEO)

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.