A/L කාලෙ ලයිට් කපන්න එපා කියලා නියෝග කරලා තියෙද්දිත් ලයිට් කැපුවට මානව හිමිකම් කොමිසම විදුලි බල අමාත්‍යංශයටයි මණ්ඩලයටයි එරෙහිව නඩු පවරයි! විධාන ක්‍රියාත්මක කිරීම පැහැර හැරලා! කොමිසමට අගෞරව කර අපහාස කරලා!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශ්වයන් වෙත නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබේ.

ඒ, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා අඛණ්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමේ විධානය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනි.

ඒ අනුව අදාළ කොමිසම දැනුම් දෙන්නේ ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බවය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එස්. ඉලංගකෝන් මහතා සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර ඇති බවද මානව හිමිකම් කොමිසම පවසයි.

Exit mobile version