අද දිනයේ ආණ්ඩුවේ තවත් මැතිඇමැතිවරු කණ්ඩායමක් උගන්ඩා බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව මෙම මැති ඇමැතිවරු පළමුව අද දින ඩුබායි බලා පිටත්ව යනු ඇත.
එමෙන්ම අද දින ජනාධිපතිවරයාද සිය දූත පිරිස සමග උගන්ඩා බලා යාම සදහා ස්විට්සර්ලන්තයේ සිට ඩුබායි රාජ්‍යය බලා පැමිණෙනු ඇත.
ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම එකට උගන්ඩාව බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බව පැවසේ.










