අහුංගල්ලේ දී අද(11) සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.Sri Lanka Latest News
මෙසේ වෙඩි වැදී ඇත්තේ කොස්ගොඩ නාපේ පදිංචි පදේශයේ පදිංචි බාලයා නමින් හදුන්වන අයෙකුට බව ද පොලීසිය කියයි.
මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් තීරෝද රථයෙන් යමින් සිටි ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු පුද්ගලයා කොස්ගොඩ සුජීගේ සමීපතයෙකු බවද පොලීසිය අනාවරණය කරයි. ඔහුගේ ගෙල පදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහු මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය කියයි.










