උදේසිරි වික්‍රමරත්න මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන ‘ගරු කටානායකතුමනි’ නාට්‍යය මැතිවරණ නිහඩ කාලයේ රංග ගතකිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.Sri Lanka Latest News
ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයකු විසිනුයි මෙම පැමිණිල්ල කර ඇත්තේ.
මෙම නාට්‍යය තුළ විවිධ දේශපාලඥයින්ගේ අනුරූප රංග ගතවන බවත් විවිධ නම් සහ එම නම් හැගවෙන පරිදි විවිධ රංගනයන් ඉදිරිපත් කෙරෙන බවටත් එනිසා මෙම නාට්‍යය මැතිවරණ නිහඩ කාලය ආරම්භවූ ඉකුත් 11 වැනිදා සිට ඡන්දය ප්‍රකාශ කරන දිනය අවසන්වන තුරු රංග ගතකිරීම අත්හිටුවන ලෙසත් එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.










