කතරගම වැඩසිටි කන්ද දක්වා යන අතුරු මාර්ගයේදී කැබ් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
ඉහළ මළුව සිට පහළ මළුව දක්වා ධාවනය වූ බැතිමතුන් රැගත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරට ලක්වන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සිට තිබේ.
අනතුරින් රියදුරුට තුවාල සිදුව නොමැති අතර ගමන්ගත් මගී කාන්තාවන් පිරිස සුළු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය පවසන්නේ මෙම අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.
කැබ් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළකරයි.
කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
adaderana









