කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (28) ආරම්භ වනවා.Sri Lanka Latest News
ඒ අනුව මෙම ක්‍රිකට් තරගය අද (28) සිට මාර්තු 02 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගය ඉතිහාසයේ පළමුවරට තුන්දින තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.
මෙවර ‘සුලෝහිත සංග්‍රාමය’ සඳහා ආනන්ද විද්‍යාල කණ්ඩායමට ආශිංස නයිනායක නායකත්වය ලබා දෙන අතර, නාලන්දා විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ දක්වා පැවති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරග 94න් 12ක් ආනන්ද විද්‍යාලය ජයගෙන තිබෙනවා.
නාලන්ද විද්‍යාලය ජයගෙන ඇති තරඟ ගණන 07ක්.










