ලබන 09 වන දින බදු සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවටත්, ඒ හේතුවෙන් සියළු භාණ්ඩ මිල ඉහළ යන බවටත් අද සමහර පුවත්පත් වලට සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අද දහවල් පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද සමහර පුවත්පත් වල පලවී තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පැවසූයේ මෙවර අයවැය ලේඛනයට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනයේ සඳහන් කරුණු වලට අදාලව යම් බදු සංශෝධන පනතක් 13 වන දා ඉදිරිපත් වීමට ඉඩ ඇතත් , එම සංශෝධන වලින් සියළු භාණ්ඩ වල මිල ඉහළ යාමට කිසිදු හේතුවක් නැති බවද පැවසීය.