ජනාධිපතිවරණය කැදවීමට තවත් ඇත්තේ සති 6ක් පමණක් බවත්, මහඡන්දෙට ඉතිරිව ඇත්තේ තවත් දින 132ක් පමණක් බවත් සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මුලින්ම මහඡන්දය නොතියන්නේ ජවිපෙට කරන උදව්වක් ලෙස බවත්, යම් හෙයකින් මහඡන්දය තැබුවහොත් ජවිපෙට දිස්ක්රික් මට්ටමින් කණ්ඩායම් නම් කිරීමේදී ජවිපෙ හෙළුව එළියට එන නිසා මහමැතිවරණය නොපවත්වන බවත්ය.
යම් හෙයකින් මහමැතිවරණයක් පැවැත්වුවහොත් සජබය ආසන 113 ඉක්මවා ගන්නා බව කී ඒ මහතා ජවිපෙට උපරිම ආසන 25ක් හිමිවනු ඇති බව ද කියා සිටියේය.
අද (27) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේ ද පැවැසීය.
‘‘ජනාධිපතිවරණය කැඳවන්න තව තියෙන්නේ සති 6 ක කාලයක් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය කැඳවන්න දවල් 132 ක් තිබෙනවා. පාර්ලිමේන්තුවට ජන මතයක් නැති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට අලුත් නියෝජිතයින් පත් කරගැනීමේ අවශ්‍යතාවය තිබුණත් වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්ත්ව විසුරුවා නොහරින්නේ ජනති විමුක්ති පෙරමුණට උදව් කිරිම සඳහා.
පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සල්ලා ආවොත් හැම දිස්ත්‍රික්කයකටම කණ්ඩායම් දාන්න ඕන. නමුත් ජනතා විමුක්ති පෙරමුණට එවැනි කණ්ඩායමක් නෑ. ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණට මහපොළොවේ නැති සමාජ මාධ්‍ය වල හදපු බොරු රැල්ලේ ඇත්ත පෙනෙන්න පටන් ගන්නවා.
2001 දීත් ජනතා විමුක්ති පෙරමුණට මේ වගේම විශාල ජනතතා රැල්ලක් නිර්මාණය වෙලා තිබුණා. 2001පැවැති මහ මැතිවරණයේදී ආසන 16 යි ලබාගත්තේ. දැන් මහ මැතිවරණයක් තිබ්බොත් සමගි ජනබලවේගය ආසන 113 පන්නන්වා , පොදුජන පෙරමුණ ආසන 50 ක් විතර ගනී , ජනතා විමුක්ති පෙරමුණට ගන්න හැකි වන්නේ ආසන 25 ක් විතරයි.
මහ මැතිවරණයෙන් ජනගන්න පක්ෂයේ නායකයා අගමැතිවරයා වෙලා ඔහු ජනාධිපතිධූරයට තරඟ කරන කොට ඔහු අනිවාර්යෙන් ජනාධිපතිවරණය ජය ගන්නවා. ඒ නිසා මහ මැතිවරණය තියන්න දෙනේනේ නැත්තේ.
ජනාධිපතිවරණය ඔක්තොම්බර් මාසයේ 5 වැනිදා තිබ්බොත් ඔක්තොම්බර් මාසයේ 7 වැනිදාට පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එහෙම වුණොත් තව දවස් 132 ක් වගේ කාලයක් තිබෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ආයු කාලය තිබෙන්නේ දින 132 යි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමණ ආරක්ෂා කරන්න කුමන උත්සහ ගත්තත් ජනතා විමුක්ති පෙරමණ දන්නවා ඔවුන්ට දිනන්න බෑ කියලා. ඔවුන්ට ආණ්ඩු කරන්න බැ කියලත් ඔවුන් දන්නවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති වුණ අනුර කුමාර දිසානායක වැව් 1000ක් හදනවා කිව්වා. එක වැවක් හැදුවේ නෑ. ඒ ආණ්ඩුවේ ග්‍රාමිය ආර්ථික ඇමැති ලාල්කාන්ත එක සමුපකාරයක් හැදුවේ නෑ. ඒ ආන්ඩුවේ ධීවර ඇමැති වුණ චන්ද්‍රසේන විජේසිංහ එක මාළු කර්මාන්තශාලාවක් හැදුවේ නෑ.
ජනතා විමුක්ති පෙරමුණට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය හිමිවුණා. නමුත් ප්‍රාදේශිය සභාවක් කරන පොදු වැඩ ටිකවත් ඔවුන්ට කර ගන්න බැරි වුණා.
ඒ වගේම ඉරාන ජනාධිපතිගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරන්න පක්ෂ නායකයන් ඉරාන තානාපති කාර්යාලයට ගියා. එහිදි පක්ෂ නායකයන් ශෝකය ප්‍රකාශ කරලා ඔවුන්ගේ පණිවිඩය සටහන් කළා. නමුත් අනුර දිසානයක කවුදෝ ලියලා දුන්න එකක් බලාගෙන තමයි ශෝක පණිවිඩය සටහන් කළේ. එවැනි පුද්ගලයෙකුට රට පාලනය කරන්න බෑ කියලා ජනතාවට වඩා හොදට ලාල්කාන්ත දන්නවා. ඒ නිසා තමයි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම කැඩෙන්න විවිධ ප්‍රකාශ කරන්නේ. ලාල්කාන්ත දන්නවා ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් කරන්න බෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණ උත්සහ කරන්නේ ප්‍රධාන විපක්ෂය වෙන්න.
විදෙස් ණය පොලිය කෝටි 803 කින් ඉහළට ගොස් තිබෙනවා කියලා පුවත් පත් වාර්තා කරලා තිබෙනවා.
පෝලිං යුගය අවසන් කළා කියලා ආණ්ඩුව කිව්වට තවම ලංකාව බංකොලොත් රටක්. ණය නොගෙවන තත්ත්ය තුළ ණය පොලියයි , වැල් පොලියයි එකතු වෙලා ඩොලර් මිලියන 7000 කින් පමණ ණය වැඩිවෙලා තිබෙනවා.
ලබන වසරේ ඉදන් ණය වාරික ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට රාජ්‍ය ආදායම ඩොලර් වලින් වැඩි වුනේ නැතිනම් බදු වැඩි වෙනවා. බදු වැඩි වුණොත් පෙට්ට්‍රල් , සහල් , ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ අනුව ණය ප්‍රතිව්‍යුගතකරණය කරන්න , ආදායම් වැඩිකරන්න වෙන්නේ අපනයන වැඩි කිරිම හරහා සහ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කිරිමෙන්. පසුගිය වසරේ සහ මේ වසරේ කිසිදු සෘජු විදේශ ආයෝජනයක් ඇවිත් නෑ. අපනයනය වැඩි කරන්න අලුත් වෙළඳපොලවල් වලට අපි ඇතුළත් වෙලා නෑ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ බදු අඩුකරලා භාණ්ඩවල මිල අඩු කරන්න. බදු අඩුකරලා භාණ්ඩවල මිල අඩු කරන්න රාජ්‍ය ආදායම වැඩි වෙන්න ඕන.
ණය ප්‍රතිව්‍යුගතකරණය කරන්න තියෙන්නෙත් ජාත්‍යන්තරය එක්ක. අපනයනය වැඩි කර ගන්න තියෙන්නෙත් ජාත්‍යන්තරයත් එක්ක , සෘජු විදේශ ආයෝජන ගේන්න තියෙන්නෙත් ජාත්‍යන්තරයත් එක්ක. මේ කිසිවක් ජනතා විමුක්ති පෙරමුණට සිදුකරන්න ශක්තියක් නෑ. ලෝකය සමග ගනුදෙනු කරන්න පුලුවන් කණ්ඩායමක් ඉන්නේ සමගි ජනබලවේගයට.
ජනාධිපතිවරයා ආර්ථික ඔස්තාර් වුණාට ණය ප්‍රතිව්‍යුගතකරණය කිරිමේදි කේවල් කිරිමේ හැකියාව ඔහුට නෑ. බදු ආදායම පමණයි. අපනයනය වැඩි කරලා නෑ. සෘජු විදේශ ආයෝජන නෑ. ඒ නිසා ප්‍රායෝගිකව වැඩ කළ හැකි කණ්ඩායමක් රටට අවශ්‍යයි.
රණසිංහ ප්‍රේමදාස මහත්තයා රට භාර ගනිද්දි උතුරේ යුද්ධයක් තිබුණා. දකුණේ භිෂණයක් තිබුණා. ෙඒ අවස්ථාවේ මහ බැංකුවත් බංකොලොත් වෙලා තිබුණේ. ඒ අවස්ථාවේ රාජ්‍ය ආදායම වැඩි කරන්න අයෝජකයන්ට ආරාධනා කරලා ඇගලුම් කර්මාන්තශාලා ඇතිකරලා රටේ ආදායම වැඩි කළා. ඒ නිසා තමයි ලෝක බැංකුව ජන සවියට මුදල් ලබාදුන්නේ.
අපනයනය වැඩි කරගනිමින් සෘජු විදේශ ආයෝජන වැඩි කරගනිමින් ණය ගෙවිමේ හැකියාව වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තරය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කේවල් කිරිමේ බලය වැඩි කරගෙන්න ඕන. මේක කරන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජනබලවේගයේ පමණයි. මේ දේවල් සිදුකරන්න පුලුවන් වෙන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවකට පමණයි.‘‘