• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වර්ග 475ක්! සෙනෙහස්ගේ කුරුලු චාරිකාව! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
වර්ග 475ක්! සෙනෙහස්ගේ කුරුලු චාරිකාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වනජීවී ඡායාරූපකරණය කියන්නේ අභියෝගාත්මක විෂයක්. ඒ විෂයේ තවත් අභියෝගාත්මක අඩවියක් තමයි කුරුලු ඡායාරූපකරණය. අපේ රටේ අලි, කොටි, වලස්සු හා අනෙකුත් සතුන් ඡායාරූපගත කරන අය විශාල වශයෙන් හිටියත්, කුරුල්ලන් ඡායාරූපගත කරන පිරිස ඉතාමත් අතළොස්සක් තමයි ඉන්නේ. ඒ අතරින් සෙනෙහස් කරුණාරත්න කියන්නේ කුරුලු ඡායාරූපකරණයේ ප්‍රවීණයෙක්. අද ‘කැලෑ කොලම’ වෙන්වන්නේ සෙනෙහස්ගේ කුරුලු චාරිකාවේ වගතුග කතාකරන්න.Sri Lanka Latest News

ඔබ කුරුලු ඡායාරූපකරණයට යොමුවුණේ කොහොමද කියලා අපට කියන්න?
කුරුලු ඡායාරූපකරණයට මුලින්ම යොමු වුණේ මම තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක් වෙලා ඉන්නකොට. ඊටත් ඉස්සෙල්ලා පොඩි කාලේ අපේ තාත්තා මාව යාල, උඩවලව, හෝර්ටන් තැන්න, මොනරාගල, අනුරාධපුරය වගේ හැම පැත්තකම අපිව එක්කගෙන ගියා. ඉතින් ඊට අමතරව අපේ මාමා කෙනෙක් හිටියා. එයා අපි පොඩි කාලේ තාත්තලත් එක්කම අපිට නිවාඩුවක් ලැබුණු හැම අවස්ථාවකම යාල වගේ තැන්වලට එක්කගෙන ගියා. ඒ කාලේ ඉතින් නිවාඩු කාලෙම වගේ අපි ගතකරන්නේ යාලේ බංගලෝ එකක.

මම දන්න විදිහට කුරුලු ඡායාරූපකරණය කියන්නේ අභියෝගාත්මක එකක්. ඒක කළමනාකරණය කරගන්න ඔබ පුරුදු පුහුණු වුණේ කොහොමද සෙනෙහස්?
ඡායාරූපකරණයට ඉස්සෙල්ලා මම මුලින්ම යොමුවුණේ පක්ෂීන් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ චර්යා රටාවන් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ තමයි පොඩි කාලේ කොඩැක් කැමරා එකක් මට හම්බවුණේ. පොයින්ට් ඇන්ඩ් ෂූට් එකක්. එතකොට මට අවුරුදු 14ක් 15ක් විතර ඇති. අපේ මාමාගෙන් ලැබුණු ආභාෂය හින්දා තමයි මම පක්ෂීන් අධ්‍යයනය කරන්න යොමුවුණේ. උන්ගේ නාද රටා හඳුනා ගැනීම වැනි දේවල්වලට තමයි මුලින්ම යොමු වුණේ. ඉතින් මගේ පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරා එකෙන් ඡායාරූප ගන්න නම් ඒ සතා අපේ ළඟට එන්න ඕනේ. නැත්නම් අපි ඒ සතා ගාවට යන්න ඕනේ. ඉතින් ඒක ටිකක් අපහසු වැඩක්. පස්සේ ඉතින් කාලයත් එක්ක උසස් පෙළ විභාගය කරලා ඉන්නකොට හොඳ කැමරා එකක් ගන්න අවශ්‍ය මුදල් ලැබුණාම තමයි හොඳ කැමරා එකකට ගියේ.

මම දන්න විදිහට මෙරටට ආවේණික කුරුල්ලන් සහ සංචාරක කුරුල්ලන් කියලා දෙවර්ගයක් ඉන්නවා. අපේ රටට ආවේණික කුරුල්ලෝ කොපමණ ප්‍රමාණයක් විතර වාර්තා වෙලා තියෙනවද?
ලංකාවට ආවේණික පක්ෂීන් 35ක් පමණ වාර්තා වෙලා තියෙනවා. අනෙක් වර්ගය වන සංචාරක පක්ෂීන් කියන්නේ වෙනත් රටවල ඉඳලා සෘතු විපර්යාසයත් එක්ක ලංකාවට එන පක්ෂීන්. නේවාසික කියලා ඉන්නවා තවත් කොටසක්. මේ විදියට ගත්තාම පක්ෂීන් කාණ්ඩ 3ක් ඉන්නවා ඇත්තටම. සංචාරක පක්ෂීන්, නේවාසික පක්ෂීන් හා ආවේණික පක්ෂීන්. නේවාසික පක්ෂීන් අපේ රටේ නේවාසිකව ජීවත් වෙනවා. ඔවුන් වෙනත් රටවලට යන්නේ නෑ. හැබැයි වෙනත් රටවලත් ඔවුන් ජීවත් වෙනවා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ ජීවත් වෙන පක්ෂීන් ඉන්නවා, ලංකාවෙත් ජීවත් වෙන. ඔවුන් ආවේණික නෑ. ආවේණික පක්ෂීන් කියන්නේ යම් රටක් තුළ ජීවත් වෙන, වෙනත් ප්‍රදේශවල ජීවත් නොවෙන පක්ෂීන්. ඉතින් ඔය කාණ්ඩ තුනට අමතරව වේග්‍රන්ට්ස්ලත් ඉන්නවා. ඒ කියන්නේ දේශගුණික, කාලගුණික බලපෑමක් මත, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටට එන්නේ නැති අය. එහෙත් යම් හේතුවක් මත, උදාහරණයක් විදියට කුණාටුවකට අහුවෙලා ඇවිල්ලා ලංකාවේ දකින්නට ලැබෙන පක්ෂීන් තමයි ඒ වේග්‍රන්ට්ස්ලා කියලා කියන්නේ.

ඊට අමතරව මන්නාරම කියන්නේ ලංකාවට කුරුල්ලන් ඇතුළුවන, මයිග්‍රන්ට් බර්ඩ්ස්ලා ඇතුළුවන මාර්ගවලින් ප්‍රධානතම මාර්ගයක්. මන්නාරම වගේ තැනකින් කුරුල්ලෝ එන්නේ දීර්ඝ ගමනකින් පසුව. එහෙම පක්ෂීන් ගොඩක් වෙලාවට ඇවිල්ලා මන්නාරමේ ෆස්ට් අයිලන්ඩ්, සෙකන්ඩ් අයිලන්ඩ් වගේ අයිලන්ඩ්ස්වල රෙස්ට් කරනවා. ඊට පස්සේ රට ඇතුළට පියාඹගෙන එන්නේ. ඊට අමතරව ෆ්ලෙමින්ගෝස්ලා දහස් ගණනින් එනවා. ඉස්සර බුන්දල ආශ්‍රිතව බලන්න පුළුවන් මේ ‘සියක්කාරයින්’, දැන් බුන්දල ආශ්‍රිතව දකින්න නෑ. දැනට බලන්න පුළුවන් යාපනය දිස්ත්‍රික්කයේ, මුලතිව්, ඊට පස්සේ මන්නාරම ඒ වගේ පැතිවල විතරයි. දකුණට එන්නේ සියක්කාරයින්ගෙන් සෑහෙන අඩු ප්‍රමාණයක්. මම අන්තිමට 2000 අවුරුද්දේ 2000ක විතර රංචුවක් දැක්කා බුන්දලදී. එතැනින් පස්සේ මම නම් තාම දැකලා නෑ.

ඒ කියන්නේ මන්නාරම මුඩු බිමක් කියන එක මහා මෝඩ ප්‍රකාශයක් නේද?
ඇත්තටම මෝඩ ප්‍රකාශයක්. අඩු තරමින් දැන් මේ උපදේශකයන් ඉන්නවා. ඒ කියන්නේ තමන් දන්න වපසරියෙන් එහා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වපසරියෙන් එහා දෙයක් ගැන සොයාබැලීමකින් තොරව කතාකරනවා කියන්නේ ඇත්තටම ඒ ජීවත් වෙන සත්තුන්ට කරන ලොකුම වැරැද්දක්. මුඩු බිමක් වගේ නිකන් පෙනුණට ඉතින් ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කුරුල්ලෝ විතරක් නෙමෙයි. ජෛව පද්ධතිය අතින් හරි වෙනස් අනිත් පැතිවලට වැඩිය. ඒක නිකන් හිස් ඉඩමක් වගේ පෙනුණට එහෙම නෑ. වතුර වැඩි වෙනකොට වෙනම දෙයක් සිද්ධ වෙනවා. වතුර අඩු වුණාම තවත් දෙයක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඒ පරිසර පද්ධතිවල වෙන වෙන පොඩි සත්තු ගොඩාක් ජීවත් වෙනවා. ඉතින් ඒක ලංකාවට ඉතා වැදගත් පරිසර පද්ධතියක්.

ඒ වගේම ලංකාවේ ඉකෝ ටුවරිසම් දියුණු කරන්න ඒ පැත්ත විතරක් බැලුවොත්, කුරුල්ලෝ පිළිබඳ අධ්‍යයනය කරන අයට තෝතැන්නක් ඕක. ඒගොල්ලෝ ආවා නම් එතැනට ඇවිල්ලා, ඒගොල්ලන්ට තව පහසුකම් සහිතව හෝටල් එහෙම හදලා දුන්නා නම්, මේ කියන්නේ හෝටල් හැම තැනම හදන්න කියලා නෙමෙයි. පරිසරයට හානි නොවන ලෙස හෝටල් හදලා ඒගොල්ලොන්ට දුන්නා නම් ටුවරිසම් සෑහෙන ප්‍රමෝට් කරන්න පුළුවන්.

වර්තමාන තරුණ පරම්පරාව වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆිවලට යොමු වෙනවා. ඉතින් මේ බර්ඩින් ෆොටෝග්‍රැෆිවලට යොමු වෙන්න හිතාගෙන ඉන්න තරුණ ප්‍රජාවට, බර්ඩින් කරන ජ්‍යෙෂ්ඨයෙක් හැටියට ඔබට දෙන්න පුළුවන් පණිවුඩය මොකක්ද?
මට දෙන්න පුළුවන් පණිවුඩය තමයි, ෆොටෝග්‍රැෆි වගේම කුරුල්ලන්ගේ චර්යාවන් අධ්‍යයනයට සහ කුරුල්ලන් වර්ග හඳුනාගන්න මුලින්ම යොමු වෙන්න. එහෙම යොමු වුණාට පස්සේ වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆිවලදී කොටියෙක් හරි, අලියෙක් හරි, අපි අධ්‍යයනය කරනකොට, දීර්ඝකාලීන අධ්‍යයනයකින් පස්සේ අපිට එක්ස්පීරියන්ස් එකෙන් කියන්න පුළුවන් මේ වෙලාවේ කොටියා ඊළඟට කරන්න යන්නේ මොනවද කියන එක. ඒක තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ හොඳ ඡායාරූපයක් ගන්න. අන්න ඒක කුරුල්ලෝ අධ්‍යයනයේදීත් ඒ වගේම අදාළයි. උදාහරණයක් විදියට කපුටා කියලා හිතන්නකෝ, අපි හැමදාම කපුටා දිහා බලාගෙන ඉන්නවා. ඉන්නකොට අපි දන්නවා කපුටා මෙහෙම දේවල් කරනවා කියලා. ඒ වගේම තමයි වෙනත් විශේෂත් උන්ට ආවේණික, උන්ට සමහර වෙලාවට පොදු දේවල් තියෙනවා. එතකොට අපි හිතන් ඉන්න ඩී්‍රම් ෂොට් එක ගන්න නම් අපි උන් ගැන හොඳට අධ්‍යයනය කරලා ඉන්න ඕනේ.

ජ්‍යෙෂ්ඨ කුරුලු ඡායාරූප ශිල්පියෙක් හැටියට ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
මට එහෙම ලොකු සිහිනයක් නැහැ. මොකද මේක මම කරන්නේ විනෝදාංශයක් විදියට.

කුරුල්ලන්ගේ අභිජනන කාලය, එහෙම නැත්නම් ඒගොල්ලන් සහකාරියක් හොයාගෙන යන කාලය කියලා වෙනම කාලයක් තියෙනවද කුරුල්ලන්ට?
ඔව්, එහෙම එකක් තියෙනවා. නමුත් හැම කුරුල්ලටම එකම කාලයේ වෙන්නේ නැහැ. ඒක විවිධයි. විශේෂයෙන්ම ලංකාවේ නේවාසිකව ජීවත් වෙන හරි ආවේණික පක්ෂීන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ බිත්තර දාන මේ කාලය එක කාලයක්. හැබැයි දැන් ලංකාවට මයිග්‍රේට් කරන පක්ෂීන් ගත්තම, ඒගොල්ලෝ මෙහෙට එන්නේ බිත්තර දාන කාලයේ නෙමෙයි. ඒගොල්ලෝ මෙහෙන් ගිහිල්ලා තමයි ඒ රටවල කැදලි හදලා බිත්තර දාන්නේ. මෙහේ ඉන්න පක්ෂීන්ගෙනුත් හැම එක්කෙනාම එකම කාලේ නෙමෙයි දාන්නේ. එක එක කාලවල, එක එක පක්ෂීන්ට අනුව ඒක වෙනස් වෙනවා.

කුරුල්ලන්ව ඡායාරූපගත කරන්න පහසු, කුරුල්ලන් වැඩි වශයෙන් ඉන්න ප්‍රදේශ ලංකාවේ තියෙනවාද?
ඔව් තියෙනවා. තෙත් කලාපයේ විවිධ භූ විෂමතා ලක්ෂණ අනුව ලංකාවේ විවිධ කලාප බෙදලා තියෙනවා. උදාහරණයක් විදිහට තෙත් සදාහරිත වනාන්තර තියෙනවා. ඊට පස්සේ තියෙනවා කළපු. තැනි තලා බිම් තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශවල ඒ ඒ පක්ෂීන් විශේෂ වෙන වෙනම ජීවත් වෙනවා. තැනිතලාවල ජීවත් වෙන පක්ෂීන්, ඝන වනාන්තර ඇතුළේ දකින්නට නැහැ. ඒ වගේම ඝන වනාන්තරවල ජීවත් වෙන පක්ෂීන් තැනිතලා ප්‍රදේශවල දකින්න නැහැ. ඊට අමතරව කළපු ආශ්‍රිතව ජීවත් වෙන පක්ෂීන් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ලංකාවේ ඇතුළට එන්නේ නැති පක්ෂීන්. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ගොඩක් කෝස්ට් එකට කිට්ටුව.

අනාගතයේ කුරුලු ඡායාරූපකරණයට අපිට තියෙන අභියෝග මොනවා කියලද ඔබ හිතන්නේ?

අභියෝග නම් ගොඩක් තියෙනවා. වනාන්තර විනාශ වීම ඉන් එකක්. වින්ඩ් ෆාම් එකක් මන්නාරමේ ඇති කරන්න යනවා. ඒවා මගින් පක්ෂීන්ට විශාල අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මිනිසා විසින් විවිධ උපක්‍රම භාවිත කරනවා තමන්ගේ ආධිපත්‍ය රැකගන්න. 1950 ගණන්වල තිබ්බ කැලෑ ප්‍රදේශ අද දකින්න නැහැ. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා වැඩියෙන් පෙස්ටිසයිඩ් පාවිච්චි කරනවා. ඒවා මගින් කුරුල්ලන්ගේ බිත්තරවල කටුව තුනී වෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම, වනාන්තර විනාශය, පරිසර දූෂණය, කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන විෂ වායු, ඔය හැම කාරණාවක්ම නිසා දවසින් දවස අපිට කුරුල්ලෝ විතරක් නෙමෙයි සියලු වන සතුන්ට ලොකු තර්ජනයක් තියෙනවා මිනිසාගෙන්.

සමාජයේ කතාබහක් යනවා මන්නාරම මුඩු බිමක් කියලා. ඔබ කුරුල්ලෝ ගැන අවුරුදු ගානක් තිස්සේ ඡායාරූපකරණ, පර්යේෂණ කරන කෙනෙක් හැටියට මොකක්ද කියන්න තියෙන්නේ ඒ ගැන? ඇත්තටම මන්නාරමට කුරුල්ලෝ එන්නේ නැද්ද?

මන්නාරම කියන්නේ ඇත්තටම මේ ලංකාවේ තියෙන කුරුල්ලෝ බලන්න පුළුවන් ප්‍රධානතම ස්ථානවලින් එකක්. සී බර්ඩ්ස් සහ මුහුද ආශ්‍රිතව ජීවත් වෙන සහ ගැඹුරු මුහුදේ ජීවත් වෙන පක්ෂීන්ට ඉතාම විශේෂ ස්ථානයක් තමයි මන්නාරම. කුරුලු විශේෂ 58ක් වාර්තා වෙලා තියෙනවා. ඒ 58න් 45ක්ම දැනට වාර්තා වෙලා තියෙනවා මන්නාරමෙන්.

හොඳයි සෙනෙහස්, ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවා කියලා කැලෑ කොලමෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොම ස්තුතියි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

වගා කරන්න වතුර දුන්නාට කළගුණ සළකන්න යාපහුවේ ගොවීන් යළ කන්නයේ පළමු අස්වැන්නත් අරන් මහින්දව බලන්න විජේරාමෙට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ පවුල්වලින් 25%ක් කන වේල් ගණන අඩු කරලා! කෑම ප්‍රමාණය අඩු කරලා! 16%ක් හරියට කන්න නැතිව බඩගින්නේ! එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාව කරන හෙළිදරව්ව! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.