හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කෙරෙන පනත් කෙටුම්පත සම්බන්ධව ගොනුකර තිබෙන පෙත්සම් තුනක පිටපත් කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලබාදී තිබේ.
එසේම මෙම පනත් කෙටුම්පත සම්බන්ධව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති තවත් පෙත්සම් තුනක පිටපත්ද කතානායකවරයා වෙත යොමුකර ඇත.
මෙම පෙත්සම්වල පිටපත් තමා වෙත ලැබී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවද දැනුවත් කර ඇත.
නන්දන ශ්‍රී දොරකුඹුර










