වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ ඒ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් වන බවය.
මේ අතර දියේ ගිලී සිදුවූ අනතුරුවලින් දේශීය සංචාරකයින් 69 දෙනෙකු සහ විදේශීය සංචාරකයින් 33 දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් බේරා ගැනීමට සමත්වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.









