මෙරට සෑම පවුල් 5කින් පවුල් 2ක් සිදුකරන වියදම්වලින් 75%ක් වැය වන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවකින් ඒ බව අනාවරණ වී ඇත.
ඒ අනුව තම මාසික වැටුපෙන් හෝ ආදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු මුදලකි.
ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන මෙම ආර්ථික අර්බුදය 2023 වසර මුළුල්ලේද පවතිනු ඇති බව යුනිසෙෆ් සංවිධානයේ මතය වී තිබේ.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඔවුන් ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් මිලියන 2.9ක් ළමුන් බවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
ලබන වසරේ පෙබරවාරි වන විට ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් පිරිහිය හැකි බවත්, ඉදිරි මාසවලදී ළමා මන්දපෝෂණ තත්ත්වයද තවත් උග්‍ර වනු ඇති බවත් යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.










