පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශන්ත දිසානායක මහතා විසින් අද (09) දින අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත දැනුම් දී ඇත.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව තවදුරටත් ලීටර් 18 ගෑස් සිලින්ඩර් විකිණීම තහනම් වනු ඇත.











